27 April 2024
#දේශීය

කොළඹ – හැටන් A – 7 මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි

කොළඹ – හැටන් A – 7 මාර්ගයේ යටියන්තොට ගණදෙවි කෝවිල් ඉදිරිපිට මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් එය අලුත්වැඩියා කිරීම සඳහා අද (11) දින සිට වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ඒ අනුව ඉහත මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ගයක් ලෙස පැරණි කොළඹ හැටන් මාර්ගය යටියන්තොට නගරය ඔරලෝසු කණුව අසලින් හා බෝධීය අසලින් සමන් දෙවි පිළිරුව දක්වා ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *