• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුරුණෑගල නගරාධිපතිට යළිත් වරෙන්තු

10 August 2020
in දේශීය

කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් 5 දෙනා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නිකුත්කළ මහේස්ත්‍රාත් නියෝගය ක්‍රියාත්මක කිරීමට  පොලිසිය අසමත්වී ඇති අතර එහෙයින් ඔවුන්  අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් යළි වරෙන්තු නිකුත් කර තිබේ.

තවද  සැකකරුන්ට රටින් පිටවීම වැළැක්වාලමින් නියෝගයක් කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින්  නියෝගයක්  නිකුත් කළ බවත්  නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න  සඳහන් කළාය.

දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව ලෙස සැලකෙන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත් ජූලි 14 වැනිදා රාත්‍රියේ කුරුණෑගල නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ඩෝසර් කර කඩා ඉවත් කර තිබුණි.

මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා පත් කළ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් කමිටුවේ වාර්තාව මගින් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ දී පුරාවස්තුවලට හානි සිදුව ඇති බවය.

එසේම එය කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම වාර්තාව මඟින් උපදෙස් දී තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා සහ පොලිස් ප්‍රධානීන් කැඳවා දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කරුණු සොයා බැලූ අතර ඒ අනුව ගොඩනැගිල්ල කඩා බිද දමා දින 23කට පසුව නීතිපතිවරයා පසුගිය 05 වනදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. එහෙත් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට පොලිසිය අසමත්ව ඇත.

Post Views: 3
Previous Post

ඇමැති දිවුරුම බදාදා …. අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 ක්

Next Post

චොකාට මන්ත්‍රී වෙන්න මරණ දඬුවම ප්‍රශ්නයක් නෙවෙයි

editor

editor

Next Post

චොකාට මන්ත්‍රී වෙන්න මරණ දඬුවම ප්‍රශ්නයක් නෙවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved