• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුවේට් පොදු සමා කාලයේදි ලංකාවට 10615ක් ආපසු ඇවිත්

16 July 2024
in දේශීය, පුවත්
කුවේට් පොදු සමා කාලයේදි ලංකාවට 10615ක් ආපසු ඇවිත්

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස්,එරට වලංගු  වීසා කාළය ඉක්මවා නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීම සදහා කුවේට් රජය විසින් 2024 වසර සදහා  ලබා දී තිබූ ” පොදු සමා කාළය ” භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති .

කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදු කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොදු සමා කාළය 2024 මාර්තු මස 17 දින සිට 2024 ජුනි මස 30 දින දක්වා කාළයක් ලබා දී තිබුණි .

එම කාළය තුළ ඉතා සරළ ලියකියවිලි කීපයක් පමණක් පදනම් කර ගෙන , එරටින් පිටවීම සදහා ” තාවකාලික ගමන් බලපත්‍ර ” ලබා දීම සිදු කළ අතර , මෙම කටයුතු සියල්ල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ එම තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් සිදු කර තිබුණි.

එසේ කුවේට් රාජ්‍යයෙන් පිට වන ශ්‍රී ලාංකිකයන් හට ” විශේෂ වට්ටම් ” සහිත සහන මිළ ගනන් යටතේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම  සදහා ද , කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුන්ටරයක් සහ තවත් ගුවන් සේවා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතන කවුන්ටර් කීපයක් ද පිහිටුවා තිබූ බව ද , එම ප්‍රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ .

coppied

Post Views: 12
Previous Post

ඉරානයේ තෙල් ණය පියවන්නේ තේ දෙයි

Next Post

අදත් මි.මී.75 ක පමණ තරමක තද වැසි

Editor TTV News

Editor TTV News

Next Post
අදත් මි.මී.75 ක පමණ තරමක තද වැසි

අදත් මි.මී.75 ක පමණ තරමක තද වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved