• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුහක අදහස් නැති හොඳ දේවල් නතර වුණා – ඇමැති කිරිඇල්ල කියයි

1 March 2019
in සංවර්ධන

මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසදුමක් ලෙසට ඉදිකිරිමට යෝජිතව තිබු දෙයියන්නේවෙල සිට තැන්නේකුඹුර දක්වා වු උමං මාර්ග ව්‍යාපෘතිය අතරමග නතරවූයේ ආණ්ඩුවේම සමහරුන්ගේ කුහක අදහස් නිසා බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධීනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ සුවසැරිය ගිලන් රථ සේවාව මධ්‍යම පළාතේ දියත් කිරිමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මහනුවර ජනතාව නිතරම මගෙන් අහනවා මහනුවර උමං මාර්ගයට මොකද වුණේ කියන එක. නගරයේ තිබෙන තදබදය අවම කිරීමට දෙයියන්වල සිට තැන්නේකුඹුරේ දක්වා උමං මාර්ගයක් නිර්මාණය කරන්න කැබිනට් අනුමැතියත් ලැබුණා. මේ සඳහා උදව් කිරීමට කොරියානු රජය කැමති වුණා. කොරියානු තානාපතිතුමා මගෙන් කිහිපවතාවක්ම විමසීම් කළා මේ ව්‍යෘපෘතිය සිදු නොවන්නේ ඇයි කියලා. ඒ් වගේම ජනාධිපතිතුමා කොරියාවට ගිය අවස්ථාවකදී පළමුවෙන් විමසු කාරණය තමයි මේ උමං මාර්ගයේ වැඩ නොවන්නේ ඇයි කියන කාරණය. මුදල් තිබෙනවා. සැලසුම් හදලා තිබෙනවා. මෙයට ප‍්‍රධානම හේතුව තමයි අපේම ආණ්ඩුවේ පිරිසක් නායකයන්ට කියලා තිබෙනවා මෙම උමං මාර්ගය ඉදි කළාම දළදා මාළිගාව කඩා වැටෙයි කියලා. ඒ් වගේම මහනුවර වැවෙන් ජලය එයි කියලා බිය ගන්වලා තිබෙනවා. මාළිගාව කිට්ටුවෙන්වත් මේ මාර්ගය යන්නේ නෑ. මේවා සිදු කරන්නේ ඊර්ෂියාවට. කොරියාවේ විදේශ ඇමතිතුමා ලංකාවට පැමිණි පසු මමත් ගියා එතුමා මුණගැසෙන්න. ඔවුන් හෙට වුනත් මුදල් ලබා දීමට කැමතියි. ලෝකයේ සෑම නගරයකම පොළොව යට නගරයක් තිබෙනවා.ඒ් නගර කවදාවත් කඩා වැටෙන්නේ නැහැ.අපි උත්සාහ කරනවා ලබන වසරේ මුල් කාර්තුවේ මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට. මුදලූත් තිබෙනවා. කොරියානු තානාපතිතුමාගෙ සහයත් තිබෙනවා. ඒ් වගේම කොරියානු ඉංජිනේරුවන් හා කැබිනට් අනුමැතියත් මේ සදහා තිබෙනවා. මේ ව්‍යපෘතිය නතර වුණේ අපේම සමහරුන්ගේ යල්පැණගිය අදහස් නිසා . මේක තමයි ඇත්ත කතාව. යැයි අමාත්‍යවරයා පැවසිය.

Post Views: 14
Previous Post

වී මිල ඉහල දැමීමේ සූදානමක් … අමාත්‍ය පී හැරිසන්

Next Post

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

editor

editor

Next Post

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved