• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෘෂිකර්ම අමාත්‍යංශය නැවත ගොවිජන මන්දිර පරිශ්‍රයට – ඇමැති චමල්

22 January 2020
in දේශීය

කෘෂිකර්ම අමාත්‍යංශය ඉතා ඉක්මණින් යළි ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කටයුතු කරන බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

2016 අප්‍රේල් 08 වෙනිදා කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙතින් D.P ජයසිංහ ගොඩනැගිල්ල වෙත ගෙන යාම හා ඒ සම්බන්ධ ගිවිසුම් අත්සන් කර ඇති අතර ඒ සඳහා අත්තිකාරම් වශයෙන් මිලියන 24 ක මුදලක් ගෙවා ඇති බවත් ගිවිසුමට අදාළව තවත් අවුරුදු දෙකක කාලයක් ඉතිරි වී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ගොඩනැගිල්ලේ විවිධ නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් වැය කර ඇති නමුත් එහි කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

2017 අගෝස්තු මස 08 මෙකී ගොඩනැගිලි අමාත්‍යාංශය ගෙන ගොස් ඇති අතර, තවත් අවුරුදු දෙකක කාලයක් ඉදිරියට තිබුණ ද කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට ගෙන යාමට මේ වන විට තීරණය කර තිබේ.

මේ අමාත්‍යාංශයේ එක් කොටසක්වන ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය පිහිටියේ ඩුප්ලිකේෂන් පාරේ ගොඩනැගිල්ලක බවත් ඊට මාසෙකට ලක්ෂ 96ක මුදලක් ගෙවන බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

තවද ජනවාරි මාසයේ අග වන විට එය අවසන්වන බව පෙන්වාදෙන අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශය ගොවිජන මන්දිරයට ගෙන යාමෙන් ලක්ෂ 96ක ඉතුරු වන බවද පෙන්වා දෙයි.

ගිවිසුම් අවසන් වීමට පෙර දෙපාර්ශවයේම කැමැත්ත අනුව මෙය අවලංගු කර ගැනීම සිදු කළ හැකිද යන්න පිළිබඳව නීතිමය උපදෙස් ගනිමින් සිටින බව වැඩිදුරටත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ගොවිජන මන්දිර පරිශ්‍රයේ පවතින ගැටලු ලෙස වාහන නවතා තිබූ ස්ථානයක් නොමැති වීම, ගොඩනැගිලි ශක්තිමත් නොවීම ආදී කරුණු පිලිබදව ද පෙන්වා දුන්නේය. කෙසේ වුවද ඉතා ඉක්මනින් නැවත කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙත ගෙනයාමට කටයුතු සම්පාදනය කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Post Views: 19
Previous Post

හඩපට එළි කිරීමේ මහමොළකරු කුඩු නාලිකාවේ ප්‍රධානියා – මන්ත්‍රී රන්ජන්

Next Post

කථානාද සිනමාවට වසර 73 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් සපිරේ

editor

editor

Next Post

කථානාද සිනමාවට වසර 73 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 48ක් සපිරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved