• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරගහන ආණ්ඩුවක් රටට වැඩක් නෑ – රාජ්‍ය අමාත්‍ය සෙනෙවිරත්න

18 January 2020
in දේශීය

රටේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මල්වල ශ්‍රී ඥාණෝහාස පිරිවනේ පැවති ගිලීමලේ බලමණ්ඩල රැස්වීමට එක් වෙමින්. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි. එසේ නොමැතිව කොරගහන ආණ්ඩුවක් රටකට අවශ්‍ය නොවන බව සෙනෙවිරත්න මහතා පැවසිය.

එහිදී රාජ‍්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය “ලංකාව වගේ රටකට 2/3ක බහුතර බලයක් සහිත ප්‍රබල ආණ්ඩුවක් අවශ්‍යයි. රටට සහ ජනතාවට බලපාන ප්‍රශ්න විසදීමට වගේම ඒ සදහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසා ගැනීමේදී බහුතර බලයක් ආණ්ඩුවකට තිබීම ඉතා වැදගත්. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැඩකරන්න මුදල් නැහැ. පසුගිය වසරේ අයවැයක් සම්මත කරගන්න නොහැකිවීම ඊට හේතුවයි. මේ වන විට අපේ රජයට අයවැයක් සම්මත කර ගැනීමට තරම් බලයක් පාර්ලිමේන්තුව තුළ නැහැ. අපට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ 94ක් පමණයි. එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ සන්ධානය ප්‍රමුඛ විපක්ෂයට බහුතරයක් ඉන්නවා. රජයට අයවැයක් සම්මත කරගන්න නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ආණ්ඩුවක් පිහිටුවන්න ව්‍යවස්ථානුකූලව වසර හතර හමාරක් ගත වියයුතුයි. ඒ අනුව අපිට මහා මැතිවරණයකට යන්න වෙන්නේ මාර්තු පළමු වෙනිදායින් පසුවයි. අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නියමිත කාලයට කලින් නව අගමැතිවරයෙක් පත්කරලා ආණ්ඩුව විසුරුවා හැරියා . එදා අධිකරණය ආණ්ඩුව විසුරුවා හැරිම අභියෝගයට ලක් කරමින් සදහන් කළේ සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බැවින් ආණ්ඩුව විසුරුවා හැරිම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඒ නිසා අපට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා නියමිත කාලය අවසන් වෙනකම්. යැයි රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුගත් දිසානායක,සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී ප්‍රභාත් මහේෂද අල්විස් මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

 

 දිලිනි සමන්මලි

Post Views: 5
Previous Post

ක්ලින් මෑන්ගේ වැඩ ලබන සිකුරාදා

Next Post

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඇ.ඩො.මි 50ක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඇ.ඩො.මි 50ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved