• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා උවදුරෙන් මිදෙන්න නිසි පිළිවෙත් අකුරට පිළිපදින්න

22 March 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කොට ජන ජිවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ බරපතල සෞඛ්‍ය ගැටළුව ජය ගැනීමට ඇති ප්‍රධාන මග වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම හෙවත් නිවාරණයයි.

කාර්යාල, කඩ සාප්පු, බස්රිය, දුම්රියපොළ වැනි පොදු ස්ථානවල ගැවසෙන විට සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම එනම් එකිනෙකාට මීටරයක් තරම් දුරින් සිටීම ඒ සඳහා ඇති වඩාත් ඵලදායී ක්‍රමයක් ලෙස හඳුනාගෙන තිබේ. එසේම වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුය.

වෛරසය ව්‍යාප්තවීම වළක්වනු පිණිස රජය ඉකුත් දින කිහිපය තුළ නිශ්චිත පියවර රැසක් හඳුන්වා දුන්නේය. පසුගිය සිකුරාදා සවස 6.00 සිට හෙට, 23 සඳුදා උදේ 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පැනවීම ඉන් ප්‍රධාන තැනක් ගනී.
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත්, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරේ දිස්ත්‍රික්ක 05 තුළත් දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇත. සෙසු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදේ 6.00ට ඉවත් කොට එදිනම දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

හෙට උදේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්කවල ජනයා විශාල පිරිසක් එදිනෙදා අවශ්‍යතා මිලට ගැනීම සඳහා වෙළෙඳ සැල් වෙත එනු ඇතැයි අපේක්ෂා කෙරේ. භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වුවද වෛරසයට ගොදුරුවීම වළක්වා ගැනීම පිණිස සෞඛ්‍ය බලධාරින් දී ඇති උපදෙස් අකුරටම පිළිපදින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. වෙළෙඳ සැල්වලට පිවිසීමේදීත් වෙළෙඳ සැල් ඇතුළතදීත් එකිනෙකා අතර මීටරයක දුර පවත්වාගත යුතුය. කැස්ස හෝ කිවිසුම් ඇති වූ විට උපදෙස් පරිදි මුව ආවරණය කර ගන්නා ලෙස ඔවුනට අවවාද කෙරේ. බස්රියෙන්, දුම්රියෙන් සහ ත්‍රිරෝද රියෙන් ගමන් කිරීමේදීත් දුරස්ථභාවය ආරක්ෂා කළ යුතුය. ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීමට පැමිණිවිට ද මේ පිළිවෙත අනුගමනය කරන ලෙස සිහිපත් කරනු ලැබේ.

භාණ්ඩ මිලට ගැනීමට එන විට එක් පවුලකින් එක් අයෙකු පමණක් පැමිණීමෙන් ඒකරාශිවන පිරිස අඩු කර ගැනීමට පිළිවෙන. එය සමාජ දුස්ථභාවය පවත්වා ගැනීමට උපකාරී වෙයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇත. ඒවා හිඟයකින් තොරව රට පුරා බෙදා හැරීමට විධිවිධාන සලසා තිබේ. එබැවින් අනවශ්‍ය කලබලයකින් භාණ්ඩ රැස් කර තබා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි රජය පෙන්වා දෙයි. ඇඳිරි නීතිය සමය තුළ පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගැනීම සෙනග අතර ගැවසෙන කාලය අඩුකර ගැනීමට උපකාරීවනු ඇත. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ නිවෙස්වල රැඳී සිටිමින් ගෘහ කාර්යයන්හි නිරත වන්නැයි කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය ජනතාවට සිහිපත් කරනු ඇත.

දිලිනි සමන්මලි

Post Views: 22
Previous Post

කඩුවෙල ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන්න ඇමති විමල්ගෙන් පියවර රැසක්

Next Post

ලංකාවේ කොරෝනා මර්දනයට – WHO සහ ඕස්ට්‍රේලියාව ආධාර කරයි

editor

editor

Next Post

ලංකාවේ කොරෝනා මර්දනයට - WHO සහ ඕස්ට්‍රේලියාව ආධාර කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කලටුවාව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන්  පහත වැටීම නිසා ප්‍රදේශ  කිහිපයකට ජල සීමා කිරීම්

කලටුවාව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම නිසා ප්‍රදේශ කිහිපයකට ජල සීමා කිරීම්

3 April 2026
නීති විරෝධී බීඩි කොළ ජාවාරම  පාලනය කිරීමට පාර්ලිමේන්තු  කමිටුවේ අවධානය

නීති විරෝධී බීඩි කොළ ජාවාරම පාලනය කිරීමට පාර්ලිමේන්තු කමිටුවේ අවධානය

3 April 2026
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ  වශයෙන් හානි සිදුවූ  නිවාස 274ක් සඳහා ආධාර

දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ වශයෙන් හානි සිදුවූ නිවාස 274ක් සඳහා ආධාර

3 April 2026
රුසියාවෙන් යුක්රේනයේ  කියෙව් (Kyiv) කලාපයට  දැවැන්ත දිවාකාල ගුවන් ප්‍රහාර මාලාවක්

රුසියාවෙන් යුක්රේනයේ කියෙව් (Kyiv) කලාපයට දැවැන්ත දිවාකාල ගුවන් ප්‍රහාර මාලාවක්

3 April 2026

Recent News

ඉරාන යුද්ධය දිගටම පැවතුණහොත්  ලෝක ආහාර මිල ඉහළ යා හැකි බව  එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි

ඉරාන යුද්ධය දිගටම පැවතුණහොත් ලෝක ආහාර මිල ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි

3 April 2026
සඟවා තිබූ ජීව උණ්ඩ සහ  මෝටාර් උණ්ඩ තොගයක්  පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට

සඟවා තිබූ ජීව උණ්ඩ සහ මෝටාර් උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට

3 April 2026
මැලේසියානු සහ ඉන්දීය කර්මාන්ත  මණ්ඩල නියෝජිත පිරිසක් මෙරට  ආයෝජන අවස්ථා ගැන සොයා බලති

මැලේසියානු සහ ඉන්දීය කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් මෙරට ආයෝජන අවස්ථා ගැන සොයා බලති

3 April 2026
සාකච්ඡාවලට එන්න  නැත්නම් ප්‍රසිද්ධ විවාදයකට  එන්නැයි GMOA සෞඛ්‍ය ඇමතිට  අභියෝග කරයි

සාකච්ඡාවලට එන්න නැත්නම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි GMOA සෞඛ්‍ය ඇමතිට අභියෝග කරයි

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාකච්ඡාවලට එන්න  නැත්නම් ප්‍රසිද්ධ විවාදයකට  එන්නැයි GMOA සෞඛ්‍ය ඇමතිට  අභියෝග කරයි

සාකච්ඡාවලට එන්න නැත්නම් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි GMOA සෞඛ්‍ය ඇමතිට අභියෝග කරයි

3 April 2026
චීනය ඩිජිටල් මිනිසුන් පාලනයට නව නීති පනවයි

චීනය ඩිජිටල් මිනිසුන් පාලනයට නව නීති පනවයි

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved