• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමට මීගමුවේ සංචාරක කර්මාන්තයේ නියැලෙන ප්‍රජාව දැනුවත් කිරීමට පියවර

15 March 2020
in දේශීය

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා සෞඛ්‍ය අංශ විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට සහය දක්වමින් මීගමුව නගරය තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබදව විශේෂ සාකච්ජාවක් හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව නගර ශාලාවේදී පැවැත්විණි.

මෙම සාකච්ජාවට මීගමුව නාගරික සෞඛ්‍ය සේවා නිලධාරින්, මීගමුව මහ රෝහලේ සෞඛ්‍ය නිලධාරින්, සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

සංචාරක කර්මාන්තය වඩාත් ප්‍රචලිතව පවතින මීගමුව ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්, පදිංචිකරුවන් සහ මීගමුව නගරයට බාහිරින් පැමිණෙන ජනතාව කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛසරසයෙන් බේරා ගැනීම සදහා ඔවුන්ව දැනුවත් කිරීම, එය වලක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරනු ලැබීය.

මෙහිදී විශේෂ අවධානය යොමු කරනු ලැබුයේ සංචාරකයින් සදහා කාමර පහසුකම් සපයනු ලබන සියළුම හෝටල් හිමියන්, කාර්ය මණ්ඩල සහ සංචාරක කේෂ්ත්‍රයේ විවිධ සේවා සපයන්නන් දැනුවත් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සිදුකළ යුතු බවයි.

සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් මාලාවන් පිළිබදව දැනුවත් කිරීමේ කටයුතු, හෝටල් සදහා පැමිණෙන සංචාරකයින් උණ රෝගයෙන් පෙලෙන්නේද යන්න හදුනා ගැනීමේ පරීක්ෂාව සිදු කිරීම (Infrared thermometer gun මගින්) ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සියළුම උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදීම සදහා අදාළ අංශ දැනුවත් කිරීමට මෙහිදී තීරණය කරනු ලැබීය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතයකු හදුනාගතහොත් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කොට ප්‍රතිකාර සදහා යොමු කරවීම, ඔහු හා සම්බන්ධ වූ අනෙකුත් පුද්ගලයින් පිළිබද තොරතුරු සැගවීමකින් තොරව සෞඛ්‍ය අංශ දැනුවත් කර කඩිනම් පියවර ගැනිම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා ඒ සදහා සන්නිවේදන ජාලය ශක්තිමත්ව පවත්වා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

 

 

 

දිලිනි සමන්මලි

Post Views: 21
Previous Post

මහමැතිවරණය නියමිත පරිදි පවත්වනවා – ජනපති

Next Post

ඉතාලියෙන් ආ තවත් 7 කට කොරෝනා

editor

editor

Next Post

ඉතාලියෙන් ආ තවත් 7 කට කොරෝනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved