27 April 2024
#දේශීය

මහමැතිවරණය නියමිත පරිදි පවත්වනවා – ජනපති

මහමැතිවරණය නියමිත දිනට පවත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීමේ මාර්ග සිතියමක් සැකසීම සම්බන්ධයෙන් සාක් රාජ්‍ය නායකයන් සමඟ වීඩියෝ සංවාදයකට අද (15) එක්වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පැවතියත් මහමැතිවරණය නියමිත දිනට පවත්ව බවයි.

නව කොරෝනා වෛරසය රටවල් 155ක පුද්ගලයන් එක්ලක්ෂ 57,844 දෙනෙකුට ආසාදනය වී ඇති බව වාර්තා වේ. එහිදී මරණ සංඛ්‍යාව ද 5846 දක්වා ඉහළ ගොස් ඇති වාර්තා වේ.

වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ මේ වන විට ආසාදිතයන් 80,849 දෙනෙකු වාර්තා වන අතර, සටහන් වන මරණ සංඛ්‍යාව 3199ක්.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *