• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම නතර කිරීමේ සටනට පෙරට එන්න

17 June 2019
in දේශීය

ආණ්ඩුව, රජයේ සම්පතක් වූ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට දරණ ප‍්‍රයත්නය පරාජය කරන්න පෙරට එන්න කියලා වගකිව යුත්තන්ට සහ රටේ ජනතාවට පක්ෂයක් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත් ආරාධනා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ දැන් ජනාධිපතිවරණයක් ගැන කතා වෙන අතරම සමහර පුද්ගලයින්ගේ නම් කියවෙන බවයි.

ඒ වගේම මේ වනවිට ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් ගැන කියවෙනවා. ඒ අතර ඉන්න කිහිපදෙනෙක්ගෙන් අපි අහනවා මෙම වරාය නැගෙනහිර ජැටිය විකිණීම ගැන මොකද කියන්නේ කියලා. කරු ජයසූරිය එජපයේ අපේක්ෂකයා ලෙස කතාබහක් තිබෙනවා. ඔහු සිය මතය ප‍්‍රකාශ කළ යුතුයි. ඒ වගේම සජිත් පේ‍්‍රමදාස ගැනත් කියවෙනවා. ඔහුටත් රටේ ජාතික ප‍්‍රශ්න ගැන මතයක් නැහැ. ඒ වාගේම පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස කියැවෙන ගෝටාභය රාජපක්ෂ තම මතය ප‍්‍රකාශ කළ යුතුයි. ඒ වගේම ජනාධිපතිවරණයට රහසෙන් වැඩකරන බැසිල් රාජපක්ෂත් මේ ගැන මතය රටට ප‍්‍රකාශ කළ යුතුයි. මොකද මේ අයගේ මතය රටට වැදගත් නිසා.
නැගෙනහිර ජැටිය විකණීම නතර කරන්න අපි තනිවම සටන් කළොත් ඒ සටන ජයගන්න බැරිවෙනවා. නමුත් මේ සටන ජයගත යුතුව තිබෙනවා. හම්බන්තොට වරාය විකුණනකොට අපි සටනක් කළා. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා. නමුත් විකුණන එක නතර කරගන්න බැරිවුණා. ඉඩම් ටිකක් බේරගන්න පුළුවන් වුණා. දකුණු කොළඹ වරාය චීනයට දුන්නා. නමුත් ඒ වෙලාවේ සැලකිය යුතු සටනක් පැනනැගුණේ නැහැ.

මෙම මාධ්‍ය හමුවට සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි, ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්, සමස්ත ලංකා සුවසේවා සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ යන වෘත්තීය සමිති නායකයෝද සහභාගි වූහ.

Post Views: 11
Previous Post

එජාපය අලුත් ගමනක් – සජිත්ට තැනක් දිය යුතුයි

Next Post

ජනමත විචාරණය සල්ලි කාබාසිනියා කිරීමක් බව ජි. එල්. පීරිස් කියයි

editor

editor

Next Post

ජනමත විචාරණය සල්ලි කාබාසිනියා කිරීමක් බව ජි. එල්. පීරිස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved