• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්පෙරළිය කියන්නේ ඇඩ්වලට සීමා වෙච්ච දෙයක් නෙමෙයි – ඇමැති මංගල කියයි

7 April 2019
in දේශීය

වසර එකසිය පනහකට අධික කාලයක් තිස්සේ මෙරට ආර්ථිකයට ශක්තිය සපයමින් සිටිය ද වතුකර ජනතාවට සිදු වූ අඩුපාඩු ආමන්ත්‍රණය කළේ වත්මන් රජය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. වතු නිවාස ගැටලුව විසඳීම සඳහා ම වෙන ම අමාත්‍යාංශයක් බිහි කරමින් මේ වන විට වතුකරයේ ජනතාව වෙත රජය විශේෂ වැඩටසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර මුලටියන, මාරවලවත්ත ප්‍රදේශවල වතු නිවාස විවෘත කිරීමේ සහ මුල්ගල් තැබීමේ උත්සවය කිහිපයකට ඊයේ (06) එක් වෙමින්.

මෙහි දී මුලටියන දිද්දෙනිපොත ශ්‍රී මුරුගන් කෝවිලේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබුණ අතර, මාවරලවත්ත වතු නිවාස සඳහා මුල් ගල තැබීම මෙන් ම ඉන්දොල වතුයායේ නව නිවාස 15ක් ජනතා අයිතියට පත් කිරීම ද සිදු විය.
වතුකරයේ ජනතාව අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා “වසර 150ක් 200ක් පුරා ඉතා දුෂ්කර ජීවිත ගත කරමින් පරම්පාර ගණනක් ඔබ අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළා. අද මේ රටේ සියලු ම ජනතාවට නිදහස් සෞඛ්‍ය පහසුකම්, නිදහස් අධ්‍යාපනය පහසුකම් ලබා දෙන්නට හැකි වෙලා තියෙන්නෙ මේ වතුකරයේ දුෂ්කර ජීවිත ගත කරන ජනතාව නිසයි. ඔබ නෙළන තේ දල්ල නිසා තමයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ මට්ටිමෙන් හරි පවතින්නෙ. ඒ වෙනුවෙන් අපි ඔබට ණය ගැතියි. වසර ගණනාවක් තිස්සේ ඉතා දුෂ්කර ජීවිත ගත කරමින් ඔබ රටට ශක්තිය දෙනවා. නමුත් වතු ජනතාවගේ ජීවිත සුවපත් කරන්න හැකි වෙලා නෑ. ඒ නිසා ඔබලාට සිදු වූ ඓතිහාසික අඩුපාඩු සකස් කරල දෙන්න තමයි වතුකරයේ ගැටලු වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ප්‍රකාශයට පත් කරල අපේ දිගම්බරන් වගේ නැගී එන දක්ෂ තරුණ ඇමැතිවරයෙක් ඒ වෙනුවෙන් පත් කළේ. වතුකරය පමණක් නෙවෙයි රටේ සියලු ප්‍රදේශ ඉතිහාසයේ වූ දැවැන්තම කඩිනම් සංවර්ධන වැඩසටහන වෙන ගම්පෙරළිය යටතේ සංවර්ධනය වෙනවා. ගම්පෙරළිය කියන්නේ දැන්වීම්වලට සීමා වූ සංවර්ධන වැඩසටහනක් නෙවෙයි. ඒක ඇගට දැනෙන සංවර්ධනයක්.” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිවලට මුල්ගල තැබීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං, අමාත්‍ය පලනි දිගම්බරන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

 

Post Views: 11
Previous Post

ආණ්ඩුව ගත් ගොන් තීන්දුවක් ඇමැති රාජිත හෙළි කරයි

Next Post

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 10 වනදා කොළඹදී

editor

editor

Next Post

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 10 වනදා කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved