• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්මන්පිලගෙන් ඇමති විජිතට අභියෝගයක්

5 November 2024
in දේශීය
ගම්මන්පිලගෙන් ඇමති විජිතට අභියෝගයක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳව තමන් සමග  ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන්නැයි  විජිත හේරත් ඇමතිවරයාට සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ  පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියෝග කලේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද පෙරවරුවේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

,තමන්ගේ දේශපාලන හිතවතුන් වැරදිකරුවන් කරලා තිබෙන නිසා විජිත හේරත් ඇමතිතුමා බොරු හේතු දක්වලා අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කළා. අල්විස් විනිසුරුතුමිය විෂමාචාර කරලා තිබෙන බවට ඇමතිතුමා චෝදනා කළාම පුළුවන් නම් ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කිව්වාම හෙමින් සීරුවේ ඒක මග හැරියා.

කිසිම ආයතනයකින් ණය අරගෙන නැ කිව්වාම 2024 ඔක්තෝම්බර් 7 දා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ගත්තා කියලා අපි සාක්ෂි පෙන්නුවාම විජිත ඇමතිතුමාගේ ප්‍රතිචාරය වුණේ ඒක අපි ගත්තුණයක් නොවේ. කලින් ආණ්ඩුව ගත්තුණයක් කියලා, ඊයේ ආණ්ඩුවේ ඇත්ත ජනාධිපති ටිල්වින් සිල්වා මැතිතුමාත් මැතිවරණ වේදිකාවේ මේ බොරුවම නැවත වතාවක් කියනවා මම දැක්කා. බොරු කියලා ජනතාව රවටලා බලය ගත්තා මදිවට තව දුරටත් බොරු කියනවා. ටිල්වින් විජිත මැතිතුමන්ලා බොරු කියන බවට අපි කියන්නේ ඇයි?

මේ තිබෙන්නේ ඔක්තෝම්බර් 7 දා ජනපති ඉදිරියේ ලෝක බැංකු නිලධාරීන් සහ අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ණය ගිවිසුමට අත්සන් කරන ඡායාරූපය. මේ තිබෙන්නේ ණය ගැනීමෙන් උද්දාමයට පත් නවවන ජනපති මෙන්ම ණය වන ජනාධිපති වන අනුර දිසානායක මැතිතුමා සමාජ මාධ්‍ය වලට නිකුත් කරපු නිවේදනය. මේ තිඛෙන්නේ අපි ණය ගත්තේ නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කළ ප්‍රකාශය. ජනාධිපතිතුමනි, ණය ගත්තාට කමක් නෑ. පක්ෂයේ මහ ලේකම්තුමාටයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකතුමාටයි පොඩක් ඒ ගැන දැනුම්වත් කරන්න. නැතිනම් මහ ජනතාව ඉදිරියේ ඒ අය අසීරුතාවයට පත් වෙනවා.

ඒ වගේම මුදල් අච්චු ගැසීමක් සිදුවෙලා නෑ වගේම මහ බැංකුව ණය ගන්නේ පරිනත වෙන භාණ්ඩාගාර බිල්පත් පියවන්න විතරයි වගේ කාරණා ගණනාවක් පිළිබඳ අපි දැක්වූ අදහස් වලට ප්‍රතිචාර දක්වමින් විජිත ඇමතිතුමා බොරු කිව්වා. නමුත් එතුමා ඉන්න තැන මම නෑ. මම ඉන්න තැන එතුමා නෑ. ඒ නිසා පාස්කු වාර්තා සහ ණය ගැනීම පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මම විජිත හේරත් ඇමතිතුමාට අභියෝග කරනවා. තමන්ගේ දැනුම ප්‍රමාණවත් නෑ වගේ දැනෙනවා නම් ආර්ථික විද්‍යාව සහ නීතිය පිළිබඳ ඕනෑම මහචාර්යවරයෙක් සහයට කැඳවා ගෙන එන්න පුළුවන්. හැබැයි අපි එන්නේ තනියම. “ඌරන් රංචු ගැසී ආවාට සිංහයා එන්නේ තනියම” කියලා කතාවක් තිබෙනවානෙ.”

[ADA]

Post Views: 41
Previous Post

ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි

Next Post

ලොහාන් බිරිය හත තෙක් රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
ලොහාන් බිරිය හත තෙක් රිමාන්ඩ්

ලොහාන් බිරිය හත තෙක් රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Sony සහ Honda හවුල්කාරීත්වයෙන්  නිපදවීමට ගිය විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය  අත්හිටුවයි

Sony සහ Honda හවුල්කාරීත්වයෙන් නිපදවීමට ගිය විදුලි මෝටර් රථ ව්‍යාපෘතිය අත්හිටුවයි

22 April 2026
සිංගප්පූරුවේ OCBC බැංකුව  එතීරියම් (Ethereum) සහ  සොලානා (Solana) හරහා  GOLDX රන් අරමුදල හඳුන්වා දෙයි

සිංගප්පූරුවේ OCBC බැංකුව එතීරියම් (Ethereum) සහ සොලානා (Solana) හරහා GOLDX රන් අරමුදල හඳුන්වා දෙයි

22 April 2026
ඔබේ සාක්කුවටත් තදින්ම දැනෙන ලෝකයේ  ප්‍රමුඛතම භාණ්ඩයක  මිලෙහි හදිසි වෙනසක්

ඔබේ සාක්කුවටත් තදින්ම දැනෙන ලෝකයේ ප්‍රමුඛතම භාණ්ඩයක මිලෙහි හදිසි වෙනසක්

22 April 2026
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට  ගුප්ත රාජ්‍යයබාධා කරනවා කාදිනල් හිමිපාණෝ පවසති

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට ගුප්ත රාජ්‍යයබාධා කරනවා කාදිනල් හිමිපාණෝ පවසති

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

22 April 2026
Nordea බැංකුවේ  පළමු කාර්තුව අපේක්ෂිත  මට්ටමට වඩා  සාර්ථක වෙයි

Nordea බැංකුවේ පළමු කාර්තුව අපේක්ෂිත මට්ටමට වඩා සාර්ථක වෙයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved