27 July 2024
#දේශීය

ගිලෙන නැවෙන් පනින රාජිතගේ නාඩගම

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් චීනයෙන් සිගරට් ආනයනය කලහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවසීම බොරු රඟපෑමක් බව වාර්තා වේ.

තමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඉන්නා තෙක් කිසිදු ආකාරයකින් විදෙස් දුම්වැටි ගෙන්වීමට අවස්ථාවක් ලබා නොදෙන බව ලෝක දුම්වැටි නිවාරණ දිනය වෙනුවෙන් වු උත්සවයක් අමතමින් රාජිත අමාත්‍යවරයා කියා සිටියේය.

මෙරටට ගෙන එන නීතිවිරෝධි සිගරට් මේ වනවිට වැඩි වී තිබෙන බවත් සිගරට් තොග මෙරටට ගෙන්වන්නේ ද දුම්කොළ කර්මාන්තය විසින්ම බව රාජිත කියා සිටියේය.

මේ පිළිබඳ පසුගිය සතියේදී දිනක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කිරිමෙන් පසු මේ ආකාරයෙන් රාජිතගේ ප්‍රකාශයක් සිදු කර ඇත්තේ. මංගල සමරවීර කියා සිටියේ චීන ජාතකයින්ගේ වැඩිවීම සමඟ ඔවුන්ට අවශ්‍ය දුම්වැටි මෙරටට ගෙන්වීමට සිදුව ඇති බවයි.

රජයේ ඉහළ ආරංචි මාර්ග කියා සිටියේය මංගල මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමකින්ය. එය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වෙනුවෙන් ගනු ලැබු තීන්දුවක්ය.

කෙසේ වෙතත් මෙය රාජිත විසින් නාඩගමක් කර ගනිමින් තමන් පරිශුද්ධ පුද්ගලයෙකු බව පැවසීමට මෙය අවස්ථාවක් කර ගෙන ඇත.

මෙය සිදු කරන්නේ මෙරටට පැමිණ සිටින චීන ජාතිකයින්ගේ අවශ්‍යතාවය මත බවත් එය චීන රජයේ අවසරය ඇතිව බව රජයේ ඉහළ ආරංචි මාර්ග කියා සිටියේය. මෙම තීරණය කිසිදු ආකාරයකින් මංගලගේ තනී මතයක දෙයක් නොවන බව ජනාධිපතිවරයාගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේය.

රාජිතට ඇත්තේ දේශපාලන ප්‍රශ්ණයක් බවත් සිගරට් මගින් සෑබෑ ප්‍රශ්ණය යටපත් කිරීමක් බව ඔහුගේ සමීපතයා අප වෙත කියා සිටියේය. මෙහි සෑබෑ ගැටළුව වන්නේ එක්සත් ජාතික පෙරමුණේන් මේ වන විට රාජිතගේ ජනාධිපති සිහිනය බොද කර පොඩි කිරීම හේතුවෙනි.

රාජිත විසින් පසුගිය කාලයේදී ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නට පිඹුරුපත් සකස් කරමින් සිටි අයෙක් බව මේ වන විට අනාවරණ වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ අයෙකු මිස පෙරමුණේ අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් නොමැති බව පසුගියදා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින්ම පවසා සිටියේය. මෙම තීරණය සමඟම රාජිත විසින් මේ වන විට නාඩගම් නටමින් ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරනු ඇති බව අප වෙත දැනගන්නට ඇත. මෙහි පලමු පියවර චීන සිගරට් බවත් තවත් ඉදිරියේදී පිනුම් ගොඩක් ඔහු විසින් පැනීමට ඇති බවත් එය ජනතාව වශයෙන් කල්පනා කාරීව සිටිය යුතු බව අප කිව යුතුය.

ඇතැම් විපක්ෂයේ දේශපාලනඥයින් කියා සිටින්නේ ද මේ වන විට ආණ්ඩුව ගොඩ ගත හැකි තත්ත්වයක නැති බවත් රාජිත වැනි පිරිස් එවැනි අවස්ථාවලදී මුලින්ම ජාමේ බේරා ගන්න හදන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *