• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොවිතැනට ඉදිරියේදී සිග්‍ර සංවර්ධනයක් – ඇමැති මහින්ද

9 November 2018
in සංවර්ධන

ගොවිතැන හා ගොවිකම මෙන්ම රටේ ගොවි ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රායෝගිකවම හඳුනන නායකයින් දෙදෙනෙක් අද අපේ රටේ සිටින බවත් ඒ නිසා ඉදිරි කාලය තුළ මේ රටේ කෘෂිකර්මාන්තයේ සීග්‍ර සංවර්ධනයක් සිදුවන බව කිසිදු සැකයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන ” අපි වවළයි- අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ ක්‍රියාත්මක කර තිබෙන ර්‍ණකොස් පැළ දසලක්ෂයක්” රෝපණය කිරීමේ වැඩ සටහනට අනුව ඊයේ එකම දිනයක එකම වේලාවට දිවයින පුරා කොස් පැළ ලක්ෂ පහක් සිටුවීමේ වැඩ සටහන ක්‍රියාත්මක කළේය.

දිවයිනේ සියලුම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන ආශ්‍රීතව මෙම වැඩ සටහන දියත් කළ අතරල එහි ජාතික උත්සවය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විනි.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා” මෙවර මහ කන්නය මේ වනවිට අපේ රටේ සියලුම වැව් හා ජලාශ අමුණු කිහිප වරක් වාන් දමා පිරී ඉතිරී ගොස් තිබෙනවා. අවුරුදු තුනකට පස්සේ සාර්ථකම මාස් කන්නය මේ වසරේ උදාවේ යැයි මම හිතනවා. කාලගුණයෙන් බරපතල හානියක් නොවුනොත් මෙවර මාස් කන්නයේ දී විශාල අස්වැන්නක් ලැබේවායි මම රටට සුබ පතනවා.
අපි දන්නවා 2017 වසර වනවිට අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්ම අංශයේ දායකත්වය සියයට 7.7 දක්වා පහත වැටුනා. වසර තුනක් බලපෑ නියගයත් ඊට හේතුවුනාග දැන් අපිට තිබෙන අභියෝගය තමයි මෙම අපේ ඉළක්කය වන්නේ මෙමගින් ගොවීන්ට හොඳ ආදායමක් ලබාදීම මෙන්ම කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව දිරිමත් කිරීම හා ඔවුන් ආකර්ශණය කර ගැනීමයි. අද අපේ රටේ ජනගහනයෙන් සියයට 5ග7ක් පමණ තරුණයින් සුළු පිරිසක් තමයි ගොවිතැනට එක්ව සිටින්නේ. සියයට 62ග01 ඉන්නේ වයස අවුරුදු 55ට වැඩි වියපත් ගොවීන්. එම පිරිස අපෙන් නික්මුනදාට අපේ රටේ මිලියන 21කට කන්න ආහාර සපයන්නේ කවුද යන ගැටළුව අද අපි හමුවේ තිබෙනවා.

අපි මෙම කොස් පැළ දසලක්ෂයක් රෝපණය කිරීම ආරම්භ කළේ අනාගත ආහාර හිගයක් ඇති වුනොත් ඊට මුහුණ දීම සඳහායි. දැන් මේ කාලයේ හොඳට වැස්සට මේ වැස්ස දිගටම තිබේවි යැයි හිතන්න බැහැ. ලබන වසරේ සමහර විට නියග තත්ත්වයක් එන්නත් පුලුවන්. ලෝකය පුරා ආහාර හිගයක් ඇති වුනොත් දැනට අපිට ආහාර ද්‍රව්‍ය සපයන රටවල් අපිට ආහාර දෙන්නේ නැහැ. ඒ නිසා අපි ම අපිට අවශ්‍ය දේවල් වගා කර ගත යුතුයි. එහෙම නොවුනොත් අපේ රටේ ජනතාවට සිදුවන්නේ බඩගින්නේ මැරෙන්න. ඒ නිසා තමයි මම කෘෂිකර්ම අමාත්‍යාංශය බාර ගත්තට පස්සේ මෙම ර්‍ණඅපි වවලයි – අපි කන්නේ” වැඩ සටහන ආරම්භ කළේ. දැන් එම වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වෙනවාග නමුත් තවත් අපේ රටේ ජනතාව උනන්දු විය යුතුයැයි ද අමාත්‍යවරයා කීය.

Post Views: 11
Previous Post

උතුරු නැගෙනහිර සංවර්ධනය වැඩසටහනේ ප‍්‍රගතිය ජනපතිගේ පැසසුමට

Next Post

විමල්ටත් ඇමැති ධුරයක්

editor

editor

Next Post

විමල්ටත් ඇමැති ධුරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved