• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොවි ජනතාවට අතිවිශාල වන්දි මුදලක් දුන්නේ වත්මන් ආණ්ඩුව බව ජනපති කියයි

4 August 2019
in සංවර්ධන

ගොවි ජනතාවට මුහුණදීමට සිදුවූ ස්වභාවික විපත්වලදී වත්මන් යුගයේ තරම් අතිවිශාල වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරිනමා නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි මුදල් ප‍්‍රදානය වෙනුවෙන් අද (03) පස්වරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති වැඩසටහන අමතමිනි.

ගොවි ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් වත්මන් යුගයේ පුළුල් කාර්යභාරයක් ඉටුකර තිබෙන බව ජනාධිපතිවරයා පැවසිය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෑම ආණ්ඩුවකම මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වූ මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය නිමා කිරීමට තමා නායකත්වය ගත්තේ ද රටේ ගොවි ජනතාව වෙනුවෙන් බවයි.

ගොවී ජනතාවගේ ප‍්‍රධාන ගැටලු වන ජලය සහ ඉඩම් ගැටලු විසඳීමට මෙම යුගයේ දී දැඩි කැපවීමකින් කටයුතු කර තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ 2018 යල කන්නයේ වගා හානි වූ 1200කට කෘෂි රක්ෂණ වන්දි මුදල් ප‍්‍රදානය සංකේතවත් කරමින් ගොවීන් කිහිප දෙනෙකු වෙත වන්දි මුදල් ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය පී.හැරිසන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් සහ කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සුමිත් වර්ණකුලසූරිය මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 11
Previous Post

අපේ කෙනා එලියට දාන්නේ ඡන්දේට දින නියම වුණාට පස්සේ – ඇමැති රවි

Next Post

එජාපයේ සන්ධාන ගිවිසුම කල් දමයි

editor

editor

Next Post

එජාපයේ සන්ධාන ගිවිසුම කල් දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved