27 April 2024
#දේශීය

එජාපයේ සන්ධාන ගිවිසුම කල් දමයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව සන්ධානය පිහිටුවීම පිළිබද පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ යෝජනා සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවයි.

එම සාකච්ඡා නිම වන තුරු සන්ධානය සඳහා අත්සන් තැබීම කල් දැමීමේ එකගතාවකට එළඹි බව ද එම නිවේදනයේ සදහන්ය. මේ පුළුල් සංධානය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බවත් ඒ සියළු දෙනාගේ අදහස් එකඟත්වයකට පැමිණෙන තුරු සංධානය පිහිටුවීම කල් දැමීමේ තීරණයකට පැමිණි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *