27 April 2024
#දේශීය

අපේ කෙනා එලියට දාන්නේ ඡන්දේට දින නියම වුණාට පස්සේ – ඇමැති රවි

අගෝස්තු 05 දා අපි සුගතදාස ක්‍රීඩාංගනයේදි නව සන්ධානය එළි දක්වන්නේ ඉතාමත් චාම්, සරල අන්දමින් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා අප ඉදිරිපත් කරන්න සූදානම් බව හෙතෙම පැවසිය.

මැච් එක ගහන්න පුළුවන් වෙන්නේ ග්‍රවුන්ඩ් එක හැදුවට පස්සේ බවත් තරගකරුවන් හිටියට ග්‍රවුන්ඩ් එකක් නැත්නම් සෙල්ලම් කරන්න බැරි බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කළේය“කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අප තීන්දු කළේ එ.ජා.ප. යේ පෙරමුණක් හදන එක ගැන. පුළුල් සන්ධානයක් ඇති කිරීම තමයි අවශ්‍ය වන්නේ. එකට හිතන්න පුළුවන් ජනතාව ඒකරාශී කරලා, ඒ ඒකරාශී කිරීම තුළින් එ.ජා.ප. යේ අනන්‍යතාවය ඇති කරගෙන, පෙරමුණක් ඇති කරගෙන, එම පෙරමුණට එක් වෙන සියලු දෙනාගේම අනන්‍යතාවය රැකගෙන ක්‍රියාකිරීම තමයි අපි අදහස් කරන්නේ. නායකත්ව මණ්ඩලයට අළුතින් නම් යෝජනා වියයුතු නැහැ. එ.ජා.ප.යේ වැඩකටයුතු වලට කාටවත් ඇගිලි ගහන්න බැහැ. බහුතරය තිබෙන්නේ අපේ අතේ. අනිත් අයටත් සැලකිල්ලක් ලබාදිය යුතුයි. සන්ධානයක් හදන්නේ සියලු දෙනාගේම ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමටයි. නායකතුමාගේ නම හැරෙන්නට වෙනත් තනතුරු වලට නම් යෝජනා වීමක් මෙහිදී සිදුවුනේ නැහැ. ඒක එක්සත් ජාතික පක්ෂය විසින් ගන්නා තිරණයක් “සන්ධාන මහලේකම් තනතුර වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නමක් යෝජනා වුණේ නැහැ. ඹහු, ඹහු ගැනම කතා කරගත්තා. නමුත් මේක තමන් තමන් ගැනම කතා කරන යුගයක් නෙමෙයි. එතුමා මේ දිනවල සෑම දේකටම කැමතියිනේ. නව ව්‍යවස්ථාවට හත්අට දෙනෙක් විරුද්ධ වුණා. නමුත් ව්‍යවස්ථාව සම්මත වෙන්න බහුතරයක් තිබුණා. හැම පවුලකම කලු බැටළුවෝ ඉන්නවනේ. ඒ වගේ සන්ධානගත වෙන්න අකමැති පිරිසක් ඒ අවස්ථාවේ විරුද්ධ වුණා. ව්‍යවස්ථාවට ඉදිරිපත්වූ සංශෝධන සිදුකරමින් ඉදිරිපිට වැඩකටයුතු කරගෙන යන්න තීන්දු කළා. ඒක ඒ තරම් ගැටළුවක් නොවෙයි. “යැයි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *