• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා – බැසිල් බල අරගලයක

14 January 2019
in දේශීය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මේවන විට දැඩි බලඅරගලයක් ඇතිව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසයි. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිය පක්ෂය තුළ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් සමග මතවාදයක් ගොඩනැගීමට සැලසුම් කර තිබේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂක කළ යුතු බවට තවත් පිරිසක් යෝජනා කර ඇති අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඇතුළු බහුතරය විරුද්ධ වී ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකවීමේ මතවාදය ගොඩනගන බව දැනගත් ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තමා සූදානම් බවට ප්‍රකාශ කළ බවට වාර්තා පළ විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුත්තේ එහි නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහු මේවන තෙක් ජනාධිපති අපේක්ෂකයෙකු පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එම පෙරමුණේ ආරංචි මාර්ග පැවසී ය.

හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට ප්‍රකාශ කර ඇත්තේ රටට අවශ්‍ය ජනාධිපතිවරණයක් නොව පළාත් සභා මැතිවරණයක් බවයි.

ඒ නිසා වහාම පළාත් සභා මැතිවරණයක් ඉල්ලා ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දන්වා තිබේ.

මේ හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සූදානම් වන සියලු දෙනාට දන්වා ඇති අතර ගෝඨාභය – බැසිල් බලඅරගලය පුස්සක් වනු ඇතැයි වාර්තා වේ.

 

Post Views: 14
Previous Post

කෝටි 100 ක වියදමින් ඉදිවන ලංකාවේ සුපිරිම පාසල බලන්න ඇමති අශෝක් යයි

Next Post

රනිල් මකන්න පුළුවන් චරිතයක් නෙමෙයි – ඇමැතිනි තලතා

editor

editor

Next Post

රනිල් මකන්න පුළුවන් චරිතයක් නෙමෙයි - ඇමැතිනි තලතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved