• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව අතරට ගොස් ප‍්‍රශ්න විසඳීමේ කි‍්‍රයාවලිය සාර්ථකයි – ඇමති චම්පික

22 March 2019
in දේශීය

රටේ මිනිස්සු බිය වැද්දීම තමන්ගේ දේශපාලනය කර ගත් පිරිස් සංවර්ධන කි‍්‍රයාවලියට බොරු චෝදනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන දීප ව්‍යාප්ත ජනපියස ජංගම සේවා වැඩසටහනේ ගම්පහ දිස්ත‍්‍රික් වැඩසටහනට සහභාගී වෙමින්.

එහිදී අදහස් වැඩිදුරටත් දැක්වූ අමාත්‍යවරයා, ‘නාගරික සංවර්ධන අධිකාරියට යම් යම් සැලසුම් අනුමත කර ගැනීමේදී ප‍්‍රාදේශීය සභා, නගර සභාවලින්, ඒ වගේම මිනිස්සුන්ට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. අපි අද එය එක්දින සේවයකින් හුඟක් ප‍්‍රශ්න ඒ අයගේ විසඳනවා. මොකද අද එක තැනකට සියළුම ආයතන ගෙනවිත් තිබෙනවා. ප‍්‍රාදේශීය සභා, විදුලි බල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මීට අදාල සියල්ල. වගුරුබිම් ගොඩකිරීම් පිළිබඳව, තට්ටු නිවාස පිළිබඳව ජලය, විදුලිය සැපයීම් පිළිබඳව ඒ හුඟක් ප‍්‍රශ්න එක් පියසකින් විසඳාගන්න පුළුවන්. ඒ අනුව අප අමාත්‍යාංශය මගින් ජනතාව අතරට ගොස් ගැටළු විසඳන ජනපියස ජංගම සේවය සාර්ථකව සිදු කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් වර්ග අඩි 4,000 කට වැඩි ගොඩනැගිලි අනුමත කිරීම සිදු කරන්නේ අද නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරගෙන යනු ලබන්නේ පරිගණකය හරහා ඔන්ලයින් ක‍්‍රමයට තමයි ඉල්ලූම්පත් බාර ගන්නේ. එතකොට එය සම්පූර්ණයෙන්ම ස්වයංක‍්‍රීය ක‍්‍රියාදාමයක්. එතකොට අතරමැදියෝ නැහැ. කාටවත් කප්පම් දෙන්න ඕනේ නැහැ. නමුත් ප‍්‍රාදේශීය සභාවල තවමත් අතින් තමයි එය කරන්නේ. අපි ඒ අයටත් කියා තිබෙනවා මේ දූෂණය නවත්වන්න නම් මෙය ස්වයංක‍්‍රීය කරන්න කියලා. ඒ උනාට තවමත් ඒ අයට එම පරිගණක පහසුකම නැහැ. අපි එය පිළිගත යුතුයි. නාගරික සංවර්ධන අධිකාරියේ ඒවා ටික අපි ඔන්ලයින් හරහා ස්වයංක‍්‍රීයව සිදු කරනවා. එහිදී ගැටළු මතුවෙන්නේ අනෙක් ආයතනවල තිබෙන ප‍්‍රශ්න. සමහරවිට ගොවිජන සේවා එකේ. මේ පළාත්වල කුඹුරු ඉඩම් විශාල ප‍්‍රමාණයක් ගොඩවෙලා තියෙන්නේ. නමුත් ඔප්පුවල තියෙන්නේ කුඹුරු කියලා. එතකොට ඒවට අවසරය ලැබෙන්නේ නැහැ. ඒවා සම්බන්ධයෙන් ප‍්‍රායෝගික උපදෙස් ලබාදීම ජංගම සේවා මගින් සිදු කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ති‍්‍රකුණාමලයේ සිට කොළඹ දක්වා ඇමරිකාවට දෙන්න යනවා කියලා. මේ රටේ මිනිස්සු බිය වැද්දීම තමන්ගේ දේශපාලනය කර ගත්තු තක්කඩින්ගේ පට්ටපල් බොරු චෝදනාවක්. මේ රටේ ප‍්‍රධාන ආර්ථික කොරිඩෝ 4ක් ජාතික භෞතික සැලැස්මෙන් අඳුරගෙන තිබෙනවා. එකක් තමයි කොළඹ සිට ති‍්‍රකුණාමලයට තිබෙන කොරිඩෝව. අනෙක තමයි ගාල්ලේ සිට තිස්සමහාරාමයට, අනෙක යාපනයේ සිට කිලිනොච්චියට. අනෙක වාලච්චේනේ සිට අම්පාරට. ඊට අමතරව වෙනත් නගරත් ඇතුල්කර තිබෙනවා. මේක බුද්ධිමතුන් 3,000 කට අධික ප‍්‍රමාණයක් විවිධ ක්‍ෂෙත‍්‍රවල ගවේෂණයක් කරලා ජනගහන ව්‍යාපෘතිය ගැන බලලා, ජල සම්පත ගැන බලලා, ඒ වගේම ඉඩම් අයිතිය ගැන බලලා, ප‍්‍රායෝගික අනෙකුත් යටිතල පහසුකම් ගැන බලලා කරපු විශ්ලේෂණයක්. මෙය නිර්මාණය කළේ විදේශිකයෝ නෙමෙයි දේශීය විද්‍යාඥයින්. අට පාස් නැති තක්කඩි දේශපාලකයෝ මේවට යම් යම් දේවල් ප‍්‍රකාශ කළැයි කියල ජනතාව කුලප්පු වෙන්න එපා. මොකද මේක වෘත්තීයවේදීන් හදපු දෙයක්. දේශපාලන වාචාලයෝ කරපු වැඩක් නෙමේ යැයි පැවසීය.

Post Views: 5
Previous Post

එජාප මැයි දින රැළිය කොළඹදී

Next Post

ජවිපේ 20ට එජාපයේ කැමැත්ත

editor

editor

Next Post

ජවිපේ 20ට එජාපයේ කැමැත්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved