• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව වෙනුවෙන් හරි වෙලාවට තීන්දු ගත්තා – ඇමැති දුමින්ද

7 October 2018
in දේශීය

කොච්චර මුදල් අමාරුකම් තිබුණත් මේ නියඟය වෙලාවේදී ජනතාව වෙනුවෙන් රජය විසින් ගත යුතු සියළු තීන්දූ- තීරණ අරන් තියෙනවා යැයි වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යයවරයා මේ බව පැවසුවේ, අනුරාධපුර ඇලයාපත්තුව මහමාන්කඩවල වැලි අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින්. ඵලදායිතා ප්‍රවර්ධනය හා වාරී මාර්ග පද්ධති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම අමුණ සංවර්ධනය කෙරේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා, “ ගොවි ජනතාව වෙනුවෙන් මේ තරම් මුදල් වෙන් කරපු, ගොවියා වෙනුවෙන් මේ තරම් කථා කරපු රාජ්‍යය නායකයෙක් ඉතිහාසයේ දැකලා තියෙනවාද,කලින් හිටිය රාජ්‍යය නායකයත් එක්කත් අපි වැඩ කලා, හැබැයි ගොවිජනතාව ගැන හැම වෙලේම කථා කරලා, ගොවි තැනින් මේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන, ගොවියා රැකුනොත් තමයි රට රැකෙන්නේ කියලා කියනවා පමණක් නෙමෙයි, ඒ සඳහා මුදල් වෙන් කරලා, වැඩ හදලා, ජල යෝජනා ක්‍රම අලුතින් නිර්මාණය කරපු නායකයෙක් ඉතිහාසයේම ඉඳලා නෑ.පක්ෂ විපක්ෂ බේද පැත්තකින් තියලා හිතන්න, එහෙම නායකයෙක් මට පෙර ලැබිලා නෑ.ඒ දේවල් අපිට ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නමට කියාගන්න ගොවියෙක්ගේ පුතෙක් නෙමෙයි, හැබෑවටම ගොවියෙක්ගේ පුතෙක් විදිහට අදටත් ගොවිතැන ගැන දන්න, ගොවිතැන් කරන පුද්ගලයෙක් විදිහට ගොවියාගේ අමාරුකම්, ගොවියාගේ වටිනාකම එතුමා දන්න නිසා තමයි එතුමා ගොවිජනතාව වෙනුවෙන් මෙතරම් මුදල් ප්‍රමාණයක් හා වැඩ ප්‍රමාණයක් මේ රට ජලයෙන් ස්වයං පෝෂිත කරන්න ඕන කන්න 03 ක් වගා කරන තැනට ජලය හොයා ගන්න ඕන කියන තැනට ජනාධිපතිතුමන් ගිහින් තියෙන්නේ එතුමා ගොවියෙක් නිසයි “යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු අමාත්‍යය ඩබ්.බී ඒකනායක මහතා ඇතුළු දේශපාලන නියොජිතයින්, ගොවි සංවිධාන නියෝජිතයින් හා ගොවි ගෙවිලියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

කප්පම් ගැනීමක් – කොළඹ නගරාධිපතිනිය කියයි

Next Post

නෝර්විජියානුවන් මෙරට සමඟ එක්ව තොරතුරු තාක්ෂණය කාර්යය අගය කරන බව අගමැති කියයි

editor

editor

Next Post

නෝර්විජියානුවන් මෙරට සමඟ එක්ව තොරතුරු තාක්ෂණය කාර්යය අගය කරන බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved