• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතා අධිරාජ්‍ය බිහි කළ යුතුයි – ඇමැති රාජිත කියයි

15 October 2018
in සංවර්ධන

දේශපාලනඥයින්ගේ අධිරාජ්‍ය කඩා දමා ජනතා අධිරාජ්‍ය බිහි කල යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.  අලුත්ගම බස් නැවතුම්පොල සංවර්ධනය කිරීමේ දෙවන අදියර ආරම්භ කිරීම සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහ බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය චමිපික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අලුත්ගම නගරයේ දී සිදු කෙරිනි.

වැය කරන මුදල රුපියල් මිලියන 45 කි. බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සංවර්ධන කටයුතු සිදු කරයි.

මෙම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ” ඉන්ධන මිල වැඩි වූ බවට චෝදනා එල්ල වෙනවා. ලෝකයේ ම ඉන්ධන මිල වැඩි වෙනවා. සෞදි අරාබිය, ඇමරිකාව වැනි රටවලත් ඉන්ධන මිල වැඩි වෙලා. මිල සූත්‍රයට අනුව තමයි අපේ රටේ ඉන්ධන මිල සංශෝධනය කරන්නේ. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔපෙක් රටවල් දැඩි ලෙස විවේචනය කළා. දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළා. ඒ තෙල් අර්බුදය නිසයි. පසුගිය රජය හා සසැදීමේ දී ගෙවුනු වසර 03 තුලම අපේ රජය ඉන්ධන අඩුවට ලබාදුන්නා. ඩොලරය දිනෙන් දින ඉහළ යනවා. සෑම රටකම ඩොලරය ඉහළ යාම නිසා එම රටවල මුදල් ඒකක කඩා වැටිලා. ලංකාවටත් එම දේ තමයි වෙලා තිබෙන්නේ. ඇමරිකානු ජනාධිපතිවරයා ලෝකයට බලපාන තීන්දු වලට වඩා ඇමරිකාවට බලපාන තීන්දු තීරණ ගන්නවා. දේශප්‍රේමය ගැන තමයි ඔහු කථා කරන්නේ. යූරෝ, පවුම් වැනි මුදල් ඒකක ද කඩා වැටී තිබෙනවා. නමුත් ලෝකය ගැන දන්නේ නැති අපේ රටේ ඉන්න පුද්ගලයින් දූපත් මානසිකත්වයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ලෝකය දෙස බැලිය යුතුයි. ගෝලීයකරණය තේරුම් ගත යුතුයි. ශ්‍රී ලංකාව වර්තමානයේ ලෝක ප්‍රජාව පිළිගන්නවා. අපි බලයට පත්වූයේ නැත්නම් අපේ රටට සම්බාධක පනවා අවසන්. දේශප්‍රේමය ගැන කථා කරලා ලෝකය තුල තනිවෙලා වැඩක් නැහැ. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ද ශ්‍රී ලංකාවට විරුද්ධව කවුරුත් කථා කරන්නේ නැහැ. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ලෝක ප්‍රජාව දිනාගෙන තිබෙනවා. එවැනි රටක් තමයි අපි නිර්මාණය කළේ. නමුත් සමහරුන්ට එය තේරෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාව ලෝකයම පිළිගන්නවා. අපේ රජය තුලත් විවිධ අඩුපාඩු තිබෙනවා. සියයට සියයක් නිවැරදි ආණ්ඩු කොහෙවත් බිහිවෙලා නැහැ. ලිච්ඡවි රජදරුවන්ගේ කාලයෙත් ගැටලු තිබුනා. නමුත් අපේ රජය සියයට 85 ක් පමණ නිවැරදිව පමණ ඉදිරියට ගමන් කරනවා.” යැයි අමාත්‍යවරයා පැවසිය.
‍
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ඉෂ්ඨිකාර් ජමිල්, ප්‍රසන්න සංජීව, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී ඒම්.එම් අම්ජාඩ් යන මහත්වරුන් ඇතුලු පළාත් පාලන ආයතනවල නියෝජිතයින් ඇතුලුවිශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

තවත් අලුත් ඇමැති පුටු ටිකක් … ළඟදීම….!

Next Post

මහින්දට කරපු දේවල් මතක නෑ – ඇමැතිනි තලතා කියයි

editor

editor

Next Post

මහින්දට කරපු දේවල් මතක නෑ - ඇමැතිනි තලතා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved