• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිගේ ප්‍රකාශය වැරදියි – අනුෂ පැල්පිට කරුණු පැහැදිලි කරයි

18 September 2019
in දේශීය

නෙළුම් කලූන ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදු කළ යැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නෙළුම් කුලූන විවෘත කරන පසුගිය 16 වන දින පැවසු ප්‍රකාශය අසත්‍යයක් බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අනූෂ පැල්පිට මහතා කියා සිටියේ ALIT සමාගමට කිසිම අවස්ථාවක කිසිදු මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මගින් ගෙවා නොමැති බවයි.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා විසින් නිකුත් කළ නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි නෙලූම් කුලූන ව්‍යාපෘතිය 2012 වර්ෂයේ දී ආරම්භ කරනු ලැබූ අතර මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස එවකට චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතාගේ නිර්දේශය මත China National Electronics Import and Export Corporation – (CEIEC) සහ Aerospace Long-March International Trade Co. Ltd. (ALIT) යන සමාගම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත තෝරාගනු ලැබිණි.

මෙම ව්‍යාපෘතියේ මුල් පිරිවැය ලෙස ටෙන්ඩර් මණ්ඩලය අනුමත කළ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 104.3 කි. මෙම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අරමුදල් වලින් ගෙවීමටත් ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 88.5ක් චීනයේ එක්සිම් (Exim)බැංකුවේ ණය මුදලක් ලෙස ලබා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණි.

2012 ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ දී මුල් අත්තිකාරම ලෙස (Mobilization Advance) ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක මුදලක් එනම් රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් CEIEC සමාගමට ගෙවන ලද අතර මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ද විදුලි සංදේශ නියාමන කොමිසම ට ලැබී තිබුණි. අදාළ මුදල පේ‍්‍රශනය කර ඇත්තේ චීනයේ එක්සිම් (Exim)බැංකුවේ CEIEC සමාගම විසින් පවත්වාගෙන යනු ලැබූ බැංකු ගිණුමටය. ALIT සමාගමට කිසිදු ගෙවීමක් කවර හෝ අවස්ථාවක සිදු කර නොතිබුණි. මෙම අත්තිකාරම් මුදල සදහා අවලංගු කළ නොහැකි බැදුම්කරයක් (Irrevocable on demand Bank Grantee) ප‍්‍රධාන කොන්ත‍්‍රාත්කරු වූ CEIEC සමාගම විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලබා දී තිබුණි.

ව්‍යාපෘතියේ ප‍්‍රගතිය අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ගේ නිර්දේශ මත වරින්වර අතුරු ගෙවීම් කිරීමේ දී මුල් අත්තිකාරම් මුදල අයකරගෙන ඇති අතර 2018 වන විට අය කර නොගත් අත්තිකාරම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක් විය. එක්සිම් (Exim)බැංකුව විසින් ව්‍යාපෘතිය දිගින් දිගටම ප‍්‍රමාද වීම නිසා ණය මුදලේ ඉතිරි ශේෂය ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. ඒ වන විට මුළු ණය මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 88.5 මුදලින් අය කර ගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 67කට ආසන්න මුදලකි. මුල් අත්තිකාරමෙන් පසුව කරන ලද සියලූ අතුරු ගෙවීම් සිදුකර තිබුණේ එක්සිම් (Exim බැංකුව හරහා CEIEC සමාගමටය. 2018න් පසුව ඉතිරි අතුරු ගෙවීම් සිදුකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ප‍්‍රතිපාදන මගින් වන අතර මුල් අත්තිකාරම් මුදලින් 2018 වර්ෂය වන විට අයකර ගෙන නොතිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදල ද විදුලි සංදේශ නියාමන කොමිසම විසින් CEIEC සමාගමට ගෙවන ලද අතුරු ගෙවීම් වලින් අඩුකර ගෙන තිබුණිි. ඒ අනුව මේ වන විට ව්‍යාපෘතිය ආරම්භයේ දී ගෙවන ලද අත්තිකාරම් මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 15.45 ක මුදල CEIEC සමාගමෙන් අයකර ගෙන ඇත.

මේ අනුව නෙළුම් කලූන ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදු කළ යැයි අතිගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් නෙළුම් කුලූන විවෘත කරන අවස්ථාවේ දී (2019 සැප්තැම්බර් 16 සිදු කළ ප‍්‍රකාශය පදනම් විරහිතය. ALIT සමාගමට කිසිම අවස්ථාවක කිසිදු මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව මගින් ගෙවා නොමැති බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරමි.

අනූෂ පැල්පිට
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්
2019 සැප්තැම්බර් 17

Post Views: 7
Previous Post

බන්ධනාගාර නිලධාරින්ගේ කටයුතු පිළිබඳ ඇමැතිනි තලතාගේ ඇඟයීමට

Next Post

OPPO A Series 2020 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

editor

editor

Next Post

OPPO A Series 2020 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved