• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිවරණය නෙමෙයි …! පළාත් සභා….. ජනපති කියයි

9 February 2019
in දේශීය

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී පවසයි. ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක් මහජන හමුව මෙලෙස අද පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව නව නගරයේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප‍්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ අද ප‍්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවයි.

ඒ සදහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ දේශපාලන පක්ෂයක් ලෙස නොව නිදහසින් පසු ශ‍්‍රී ලංකාව දේශීයත්වය සහ අපේකම මුල්කරගත් රටක් ලෙස ගොඩනැගීමේ පුළුල් බලවේගයක් ලෙස බවයි.

අද දවසේ ද රටේ ස්වාධීනත්වය, නිදහස සහ අපේකම් රැක ගනිමින් රට ගොඩනැගිය හැක්කේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බව සදහන් කළ ජනාධිපතිවරයා කවුරුන් කුමක් කිව්ව ද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් දුර්වල වී නොමැති බවත්, ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ ප‍්‍රධාන සාධකය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බව කිසිවෙකු අමතක නොකළ යුතු බවත්ය.

බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගෙන් පසුව තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ පිළිබද සොයා බැලීමට කොමිසමක් පත් කළ එකම ජනාධිපතිවරයා තමා බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මහබැංකු මංකොල්ලය පිළිබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම සේම 2015-2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ පිළිබද සොයා බැලීමට තමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු ද ලබන සතිය වන විට ආරම්භ කිරීමට නියමිත බව කියා සිටියේ ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, තිලංග සුමතිපාල, ඉසුර දේවපි‍්‍රය, ගාමිණි තිලකසිරි, පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් රැුසක් සහ කි‍්‍රයාකාරිහු විශාල පිරිසක් ජන හමුවට එක්ව සිටියහ.–

Post Views: 12
Previous Post

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී නිවිදභාවයෙන් වැඩ කරන්න –  විෂයභාර ඇමතිගෙන් උපදෙස්

Next Post

මහින්ද , රාජිතට දුන් චරිත සහතිකයක්.. !

editor

editor

Next Post

මහින්ද , රාජිතට දුන් චරිත සහතිකයක්.. !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved