• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුට ව්‍යවස්ථා සභාවේ ඒකමතිකව අනුමැතිය හිමිවෙයි

7 January 2019
in දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවු බව කථානායක මාධ්‍ය කාර්යාලය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (07) පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වු අතර එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුයේ පුරප්පාඩු වී පවතින උපරිමාධිකරණ විනිසුරු ධූරයන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කර තිබූ නිර්දේශයන් පිළිබඳවය.

ඒඅනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.

එමෙන්ම, පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනාධිපතිවරයා විසින් මින් පෙර නිර්දේශ කරන ලදූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබූ නාමයන් ද අද දින (07 ) රැස්වීමේ දී යලි තහවුරු කරන ලදී.

ඒ අනූව ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් උපරිමාධිකරණ අධිකරණ විනිසුරු ධුර 04 ක් සඳහා (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර 03, අභියාචනාධිකරණ විනිසුරු ධුර – 01) නව පත්වීම් සිදු කිරීමට නියමිතය.

අද දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සහභාගී වූ සාමාජිකයන් වන්නේ, කථානායක කරු ජයසුරිය මහතා – (සභාපති), අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – (සාමාජික)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා – (සාමාජික),ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය – (සාමාජිකා), පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා – (සාමාජික),
ජයන්ත දනපාල මහතා – (සාමාජික), නාගානන්ද සෙල්වකුමාරන් මහතා – (සාමාජික ), ජාවේඩ් යුසුෆ් මහතා – (සාමාජික)

 

Post Views: 12
Previous Post

සේනා මර්දනයට සහනාධාරයක්

Next Post

පාසල් විෂය නිර්දේශයට නීති අධ්‍යාපනයත්

editor

editor

Next Post

පාසල් විෂය නිර්දේශයට නීති අධ්‍යාපනයත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved