• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනවාරියේ හොඳම නිවාඩු ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

13 December 2024
in පුවත්
ජනවාරියේ හොඳම නිවාඩු ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

2025 වසර ආරම්භයේ විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබෙනවා.

CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 ජනවාරි මස විදෙස් සංචාර සැලසුම් කරන්නන් අතර හොදම රටවල් අතර තුන්වන තැනට ශ්‍රී ලංකාව නම් කර ඇති බව සඳහන්.

එහි 2025 වසරේ ජනවාරි සංචාරය සදහා සුදුසුම රටවල් අතර අංක 1කට පිලිපීනය නම් කර ඇති අතර, ඉතාලියේ කදුකර කලාපයක් වන ඩොලමයිට්ස් දෙවන තැනට නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ තුන්වන තැනට නම් කර ඇත්තේ උෂ්ණත්වය, ස්වභාව සෞන්දර්ය මෙන්ම මුහුදු වෙරළ තීරය යන සාධක මතයි.

2025 ජනවාරි මාසයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32කට වැඩි – සෙල්සියස් අංශක 10ට අඩු බව CN Traveller ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන්.

ජනවාරි මාසය වියලි සහ උණුසුම් වන අතර, ජනවාරි මාසයේ සන්ධ්‍යාව ඒ හා සමානව සෞම්‍ය වනවා. එබැවින් උතුරු අර්ධගෝලයේ ශීතලෙන් මිදීමට එය කදිම විකල්පයක් බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ත්‍රිකුණාමලයේ සිට ගාල්ල නගරය දක්වා වූ විස්මිත වෙරළබඩ නගරවලින් එකක හෝ කුඩා ධීවර ගම්මානයකට ගොස් නිවාඩුව ගත කරන ලෙස ඔවුන් පවසනවා.

ගාලු කොටුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර ආකර්ෂණීය ගමනාන්තයක් වනු ඇති බවත්, එහි ආකර්ෂණ ස්ථාන, සුවිශේෂී අවන්හල් තිබෙන බව එහි දැක්වෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ දුම්රිය ගමන් ලෝකයේ ඇති වඩාත් දර්ශනීයම ඒවා බව ද සදහන්.

තවද සංචාරය අවසන් වීමට පෙර කොළඹ නගරයේ වඩාත්ම කැපී පෙනෙන ආකර්ශනීය ස්ථාන වෙත ගොස් සංචාරය කරන ලෙසත් CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව වැඩිදුරටත් පවසනවා.

Post Views: 24
Previous Post

උතුරේ 7ක් බිලිගත් හඳුනා නොගත් රෝගය මී උණ බවට තහවුරුයි

Next Post

සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට !

Editor TTV News

Editor TTV News

Next Post
සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට !

සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved