• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපතිවරණය එක තත්පරයක්වත් කල් දාන්න ඉඩ දෙන්නේ නෑ – මන්ත්‍රී රෝහිත කියයි

29 July 2019
in දේශීය

පළාත් සභා ඡන්දය නොතියන්න පසුබිම සකස් කරල දැන් පළාත් සභා ඡන්දයක් ගැන කතා කිරීම විහිළු සහගත බවත් ජනාධිපතිවරණය එක තත්පරයක්වත්, එක විනාඩියක්වත් ,එක දවසක්වත්, එක සතියක් වත් කල් දාන්න ඉඩ නොතියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද (29) පොදු ජන පෙරමුණ විසින් පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අබේගුණවර්ධන මහතා කියා සිටියේ අද මේ වන විට රට පුරාම ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්න මැතිවරණය බවට පත් වෙලා තියෙන්නෙ ජනාධිපතිවරණය බවයි.

ව්‍යවස්ථානුකූලව ජනාධිපති මැතිවරණයකට දින නියම කිරීමට 2019 වර්ෂය වෙනකොට අවශ්‍ය පසුබිම හැදිලා තිබෙන බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි කියන ක`දවුරක් හැදෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂය එක කඳවුරක් වෙනකොට, අනෙක් කදවුර තමයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක එකතු වෙන පක්ෂ ඇතුලූ බලවේගයේ කදවුර. දැන් මේ කඳවුරු දෙක අතරින් ආණ්ඩුව ගෙදර යවන්න ඕන කියන කඳවුර, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකරාශි වෙන කදවුරයි. එහෙම නම් මේ රටේ මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබෙන්නේ, අගරදගුරු ගේ ආශිර්වාදය ලැබෙන්නේ, මුස්ලිම් හින්දු ආගමික නායකයන්ගේ, ස්වේච්ඡුා සංවිධාන, රටේ සිවිල් සංවිධාන වල පූර්ණ සහයෝගය ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පක්ෂවල එකතුවටයි. සමහර වෙලාවට අපේ සහෝදර පක්ෂය වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යම් යම් අයගේ මත ප‍්‍රකාශ කරන බව පේනවා. මේ මත ප‍්‍රකාශ කිරීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පුද්ගලයෙකුට පුළුවන් ද මේ කඳවුරු දෙක අතරින් ආණ්ඩුව රකින කඳවුරේ ඉන්න බව කියන්න. කිසිසේත් ඉන්න බෑ. හේතුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා, වික‍්‍රමසිංහ වගේ අගමැතිවරයෙක් එක්ක කිසිසේත්ම කැමැත්තකින් නෙමෙයි වැඩ කරන්නේ කියලා. අපි විශ්වාස කරනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඇතුලූ නායකයින්ගෙන්් බහුතරයක්, 99% ක් පමණ නවතින්නේ ආණ්ඩුව ගෙදර යවන කඳවුරේ බව. ඒ කදවුර මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ නායකත්වය දෙන කඳවුරයි. මේ වෙලාවේ කවුරුහරි එක්සත් ජාතික පක්ෂය සම`ග කඳවුරු බඳිනවා නම් එයා ලාදුරු රෝගියෙක් බවට පත් වෙනවා. අපි පොදුජන පෙරමුණට නායකත්වය දීලා ජනාධිපතිවරණයේ දී රටේ තීරණාත්මක සාධකය, රටේ ජනතාවගේ ආශිර්වාදයෙන්, අපේ ජනාධිපතිවරයෙක් මේ අවුරුද්ද අන්තිම වෙද්දි පත් කරනවා. ඒ ස`දහා ජනතාවගේ ආශිර්වාදය අපිට තියෙනවා. යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

සජිත් ගැන කියන බොරු – ඇමැති රවි

Next Post

ධූරවලින් ඉල්ලා අස් වූ ඇමැතිවරු යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

editor

editor

Next Post

ධූරවලින් ඉල්ලා අස් වූ ඇමැතිවරු යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved