• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් නියාමනයත් අධ්‍යාපන අමාතයාංශය යටතට

20 August 2019
in දේශීය

මේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාතයාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුන් අසා තිබූ ප්‍රශ්න දෙකකට පිළිතුරු ලබා දෙමින්.

ජාත්‍යන්තර පාසල් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමෙන් නිසා එම පාසල් පිළිබඳව නිවැරැදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කර නොමැති බැවින්, ඒවාට ගුරුවරුන් බඳවා ගැනීම, ගාස්තු අය කිරීම, නියාමනය වැනි කරුණු සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයට බලය නැති බව ද පැවසූ අමාත්‍යවරයා මේ වනවිට සම්පාදනය කොට අවසන් ව තිබෙන නව අධ්‍යාපන පනතින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ඇතුලු සියලුම වර්ගයේ පාසල් නියාමනයේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරෙන බව ද පැවසීය.

මද්‍රසා පාසල් නියාමනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ගෙන යන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බොහෝ මවුපියන් තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කරන්නේ ඔවුන්ට ඒ සඳහා හැකියාවක් තිබෙන නිසාම නොව පදිංචිය ආසන්නයේ ජනප්‍රිය පාසල් සොයා ගැනීමට නොහැකි නිසා මෙන් ම තදබදය නිසා රජයේ පාසලකට ඇතුළත් කර ගැනීමට තිබෙන දුෂ්කරතා හේතුවෙන් බවත් සඳහන් කළ අමාත්‍යවරයා පළමු වැනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට ශක්තිමත් චක්‍රලේඛයක් සකස් කර ඇති අතර සියලුම ජාතික පාසල්වල 1 සහ 6 ශ්‍රේණි හැර අතර මැද පන්තිවල පුරප්පාඩු පිළිබඳව පුවත්පත් දැන්වීම් පළ කොට සම්මුඛ පරීක්ෂණ මගින් සුදුස්සන් බඳවා ගැනීමට ක්‍රියාකර ඇති බව ද පැවසීය.

 

Post Views: 10
Previous Post

ඡන්දේ දිනන්න පුළුවන් … හැමෝම එකමුතු විය යුතුයි – අගමැති

Next Post

නව යුධ හමුදාපති පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්

editor

editor

Next Post

නව යුධ හමුදාපති පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved