• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික ආණ්ඩුව ඇලජික් !… ගෞරවය තිබ්බත් නැතත් ජනතා සේවය නවත්වන්නේ නෑ – ඇමැති දුමින්ද

30 September 2018
in සංවර්ධන

ආණ්ඩුවට මොන ගෞරවය තිබ්බත් නැතත්, මේ ආණ්ඩුව ජනතා සේවය නවත්වන්නේ නැති බව වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඵලදායිතා ප්‍රවර්ධනය හා වාරී මාර්ග පද්ධති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 40 ක වියදමින්, මැදවච්චිය මහදිවුල්වැව ව්‍යාපාරයේ වාරී මාර්ග ඇළ පද්ධතිය නවීකරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.

මහදිවුල්වැව වාරී ඇළ පද්ධතියේ නවීකරණ කටයුතු අමාත්‍යවරයාගේ සුරතින් ආරම්භ කෙරිණි.

එහිදී අදහස් දැක් වු අමාත්‍ය දිසානායක මහතා “ සමහරුන්ට මේ ජාතික ආණ්ඩුව ටිකක් ඇලජික්නේ, අපේ අයටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඒ කාලේ එ.ජා.පය තනියම ආණ්ඩු කරද්දී අවුරුදු 17ක් පරණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ගුටි කෑවා, අපේ අයගේ අතපය කැඩුවා, ගෙවල් ගිණි තිබ්බා.අපි ආණ්ඩු ගත්තට පස්සේ අපිත් අඩුවැඩි වශයෙන් ඒවා කරලා තියෙනවා අවුරුදු 20 ක්, ඒ පළහිලව්ව තමයි මේ තියෙන්නේ.එදා ගුටි කෑව නිසා අපි ආණ්ඩු අරන් මුන්ට ගහන්න ඕන, අපි හොඳට තලලා, ඒ අය ඊළඟට ආණ්ඩු ගත්තම ආයේ අපිට තලනවා.මේකද අපි වැඩිහිටියෝ විදිහට අපේ ඊළඟ පරම්පරාවට දායාද කරන්න ඕන.මගේ තාත්තා මාස 03 ක් හිරේ හිටියා මමත් හිරේ ඉන්න ඕනද, මගේ දරුවත් හිරේ ඉන්න ඕනද.එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ අපේ අය අවුරුදු 17ක්, අපේ අයට රස්සාව ගන්න බැරිව හිටියා නම්, අපි අවුරුදු 20 ක් ආණ්ඩු කරද්දී එ.ජා.ප පාක්ෂිකයාට රස්සාවක් ගන්න බැරිව හිටියා නම් අපේ දරුවාටත් ඒ අනාගතයමද භාර කරන්න ඕන.අපි ප්‍රථිපත්තිමය දේශපාලනයක් කරන්න ඕන.එක්සත් ජාතික පක්ෂයට ප්‍රථිපත්තියක් තියෙන්න ඕන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රථිපත්තියක් තියෙන්න ඕන, ජනතාව මේ ප්‍රථිපත්ති වලින් වඩා හොඳ මොකක්ද කියලා තීන්දු කරන්න ඕන, ඒ අනුව ජන්දය දෙන්න ඕන.හැබැයි අපි මේ පක්ෂ දේශපාලනයත් එක්ක අපේකම, ගමේ කම, හිතවත්කම, මනුස්සකම නැති කර ගෙන ඉන්නවා.මේ මොනවා වෙනුවෙන්ද, මොනවද ලැබෙන්නේ.හැබැයි ලොක්කෝ ටික එකට ඉන්නවා.මහින්ද මහත්තයයි -රනිල් මහත්තයයි එකට කෝපි බීලා හොරෙන්, අපිට ඒක අහුවුණා.රනිල් මහත්තයාට ප්‍රශ්නයක් වෙන කොට සිරිකොත ඉස්සරහා පාර කාපට් කරන්න පාර වැහුවා.එහෙමයි උදව් කලේ, රෑට රෑට හොරෙන් ගිහින් කෝපි බිව්වා.දැන් ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ වන මෛත්‍රී මහත්තයයි රනිල් මහත්තයයි ගත්තම එක්කෙනෙක් ජනාධිපති, අනෙක් කෙනා අගමැති එකම ආණ්ඩුවේ ආණ්ඩු කරනවා.ඇයි මේ ගම ගහගන්නේ.ඊළඟ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -එක්සත් ජාතික පක්ෂය වෙන වෙනම මතවාද එක්ක වෙනම මැතිවරණ වලට තරඟ කරනවා.අපි මේ ජාතික ආණ්ඩුව හැදුවේ මරාගන්න මේ වෛරී දේශපාලනය නවත්තලා, රටක් විදිහට ඉස්සරහට යන්න, මේ රටේ නැති වුණ බොහෝ දේවල් ස්ථාපිත කරමින් , රට සංවර්ධනය කරන්නයි.ඒ වගේම මේ ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක කටයුතු කරද්දී ඒ ලැබෙන ගෞරවයත් දෙගොල්ලන්ටම හිමියි, බැණුමත් දෙගොල්ලන්ටම හිමියි.එහෙම නැතිව ගෞරවය අපි අරගෙන බැණුම අනෙක් පැත්තට දෙන්න බෑ යැයිද පැවසීය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ඩී.එම් අමරතුංග මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, අනුරාධපුර දිස්ත්‍රික් වාරී මාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා ඇතුළු වාරී නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

Post Views: 15
Previous Post

ඉන්දුනිසියාවට බලපෑ සුනාමියෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

Next Post

ලෝක ආර්ථික අර්බූදයට ශ්‍රී ලංකාව මුහුණ පෑමට හේතු අගමැති හෙළි කරයි

editor

editor

Next Post

ලෝක ආර්ථික අර්බූදයට ශ්‍රී ලංකාව මුහුණ පෑමට හේතු අගමැති හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved