• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික ආරක්ෂාවට නුසුදුසු ප්‍රකාශවලින් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලයි – ජනපති

16 August 2019
in දේශීය

රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය සංකේතවත් කරමින් රණ පරශුව සහ රෙජිමේන්තු පරශුව සම්මාන ප්‍රදානය කිරීමේ උලෙළට අද (16) පෙරවරුවේ එක් වෙමිනි.

පටු දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් මාතෘ භූමියේ සහ ජාතියේ අනාගතයට හානිවන ආකාරයේ ප්‍රකාශ කිසිවෙකු සිදු නොකළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය. රටේ ජාතික ආරක්ෂාව, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ඉටුකරන මෙහෙවර මෙහි දී අගය කළ ජනාධිපතිවරයා පැවසු අතර ඒ වෙනුවෙන් සමස්ථ ජාතියම සදා ණයගැති බවයි.

පහත් පෙළේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ගේ එම අමිල සේවය අවතක්සේරු කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එදා හමුදාවට නායකත්වය ලබාදුන් ඇතැමුන් විසින්ම පටු දේශපාලන න්‍යාය පත්‍රවලට මුවාවී සිදුකරන එම අවිනීත ප්‍රකාශ පිළිබඳ ව දැඩිව කනගාටු වන බවද කියා සිටියේය.

රජය ආරක්ෂක අංශ සමඟ එක්ව මේ වන විට රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන අතර යළිත් එවන් ත්‍රස්ත ක්‍රියාවකට ශ්‍රී ලංකාවේ කිසිදු ඉඩක් නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ද, විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පීරිස් මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

Post Views: 16
Previous Post

ඕනෑම ජනවර්ගයකට ගෞරවනීයව ජිවත් වීමට එජාපය හැමවිමට කැප වෙනවා – අගමැති

Next Post

ගෝඨාට පාර කැපු ….. විමල්, දිනේෂ් අතහැර යාම….!

editor

editor

Next Post

ගෝඨාට පාර කැපු ..... විමල්, දිනේෂ් අතහැර යාම....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved