• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර

29 July 2019
in දේශීය

සක්‍රීය පාසල් පද්ධතියක් පවත්වා ගනිමින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මක ව සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ වැඩසටහන් රැසක් මෑතකාලීන ව ක්‍රියාවට නංවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විදුහල්පති තනතුරුවල පුරප්පාඩු සහිත ජාතික පාසල්වලට සුදුසුකම් ලත්, විදුහල්පතිවරුන් බඳවාගැනීම සම්බන්ධයෙන් ද, අමාත්‍යවරයාගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි පුරප්පාඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම් කැඳවීමට කටයුතු යොදා ඇත.

විදුහල්පති පුරප්පාඩු සහිත ජාතික පාසල් ලේඛනය, අයදුම්පත් කැඳවනු ලබන ජාතික පාසල් සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් පත් කිරීමට අදාළ සේවය, ශ්‍රේණිය, අයදුම්කිරීමට අදාළ සුදුසුකම්, ක්‍රමවේදය සමග අනෙකුත් සියලු ම තොරතුරු හා ආදර්ශ අයදුම්පත්‍රය 2019-07-31 දින www.moe.gov.lk දරන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළකෙරේ.

අයදුම්කරුවන් විසින් වෙබ් අඩවියේ පළ කරන ලද ආදර්ශ ආකෘතියට අනුකූල ව අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කර, අයදුම්පත් බහා එවන කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි ජාතික පාසල් විදුහල්පති තනතුර යන්න සඳහන් කොට, 2019-08-21 දිනට හෝ ඊට පෙර සහකාර ලේකම්, අධ්‍යාපන සේවා ආයතන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් අයදුම්පත් යොමු කළ යුතු ය.

එමෙන් ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන්, 2016 වසරේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත විදුහල්පතිවරුන් 4000කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති අතර, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන පන්තියට තවත් නිලධාරීන් 1918ක් බඳවාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

 

Post Views: 18
Previous Post

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට

Next Post

ජාතික නායකත්වයට කිරිඇල්ලගේ නම යෝජනා කරන බව වෙලුකුමාර් කියයි

editor

editor

Next Post

ජාතික නායකත්වයට කිරිඇල්ලගේ නම යෝජනා කරන බව වෙලුකුමාර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved