27 April 2024
#දේශීය

බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට

බගවන්තාව, කෙසේගමු ඔයෙහි බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු ඊයේ (28) උදැසෑන බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කැණීම් උපකරණ සහිතව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 44 ක් වු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුව අද (30) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *