• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී නිවිදභාවයෙන් වැඩ කරන්න –  විෂයභාර ඇමතිගෙන් උපදෙස්

9 February 2019
in දේශීය

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායි ආකාරයෙන් ආයතන ව්‍යුහය පවත්වාගෙන යාහැකි බවත්, එබැවින් ඉදිරියේදී සිදුකරන ටෙන්ඩර් කැඳවීමේදී සහ විවෘත කිරීමේදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කළයුතු බවත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදෙන ලද්දේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති, ලංකා විදුලිබල මණ්ඩලය, පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් යන ආතනයන්ගේ වර්තමාන ප්‍රගතිය නිරික්ෂණය කිරීම වෙනුවෙන් අද (08) පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්විමකට සහභාගි වෙමිනි.

මෙම රැස්වීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ගල් අගුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් යන ආයතනයන්ගේ සභාපතිවරුන්, ලංකා විදුලිබල මණ්ඩලයේ උපසභාපති සහභාගි වූ අතර විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාද ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් සහභාගි විය.

මෙහිදී ප්‍රධානතම වශයෙන් විෂයභාර අමාත්‍යවරයාගේ අවධානය යොමුවූයේ, ආයතන ව්‍යුහය තුළ අක්‍රමිකතා අවම කරගනිමින්, මහජන විශ්වාසය තහවුරුවන අන්දමින් ක්‍රියාකළයුතු ආකාරය පිළිබදවය. විශේෂයෙන් පසුගිය සමයේදී පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සිදුකළ ගල් අගුරු සමාගමේ ටෙන්ඩර් ක්‍රියාවලිය මගින් සිදුකළ ආසන්නතම ගල් අගුරු මිලදී ගැනීමකින්, ඊට ඉහතින් සිදුකළ මිලදී ගැනීමට වඩා ඩොලර් මිලියන 03ක මුදල් ඉතිරියක් කරගැනීමට එම ආයතනයට හැකිවූ බවත්, ඉදිරියේදී ටෙන්ඩර් කැදවීම සහ විවෘත කිරීමේදී විනිවිදභාවය අතිශයින් වැදගත්කොට සැලකියයුතු බවත් පැවසීය.

තම ආයතන ව්‍යුහය වඩාත් හොදින් හදුනාගනිමින්, එහි ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමටත්, සේවක අයිතීන් සහ සුභසාධන කටයුතුද ක්‍රියාත්මක කරමින්, රට තුළ නිෂ්පාදන අවස්ථා ඇති කිරීමටත්, ඒ තුළින් නව රැකියා අවස්ථා බිහිකිරීමටත් සැලසුම් සකස් කළ යුතු බව අමාත්‍ය කරුණානායක මහතා පැවසිය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය මිල අවම පුනර්ජනනීය බලශක්ති ක්‍රමෝපායන් කෙරෙහි සිය දිශානතිය යොමුකර ඇති බැවින්, එම ක්‍රියාදාමය දීපව්‍යාප්ත කල යුතු බවත්, ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් සූර්ය විදුලිබලය උත්පාදන වැඩසටහන් දියත් කළ යුතු බවත් පැවසූ විෂයභාර අමාත්‍යවරයා, මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල ව්‍යාපෘතියක් ඉදිකිරීමටත්, වසර 2020 වනවිට මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉදිකෙරෙන මෙගාවොට් 100ක සුළංබල ව්‍යාපෘතිය ජාතික පද්ධතියට එක්කිරීමට අදහස් කරන බවත් පැවසීය.

මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිදි විදුලිබල සැපයුම යාවත්කාලීන කර ඇති නමුත්, මිලියන 03 කට ආසන්න ප්‍රමාණයක්, රු. 60 කට වඩා අඩුවෙන් මාසික බිල්පත් පියවන ලංවිම විදුලි පාරිභෝගිකයන් බවත්, අවිධිමත් භාවයන් මගහරවාලමින් විදුලිබල ක්ෂේත්‍රය වඩාත් ස්ථාවරත්වයකට පත් කිරීමටත්, ඒ තුලින් යහපත් මහජන සේවා සපයන ආයතන බවට තම ආයතන පත්කිරීමටත් කටයුතු කරන ලෙස විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා ආයතන සභාපතිවරුන්ට උපදෙස් සපයන ලදී.

 

 

Post Views: 15
Previous Post

“ස්මාර්ට් ශ්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඇරඹේ … !

Next Post

ජනපතිවරණය නෙමෙයි …! පළාත් සභා….. ජනපති කියයි

editor

editor

Next Post

ජනපතිවරණය නෙමෙයි ...! පළාත් සභා..... ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved