• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ණය ගෙවීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය කරුණු පැහැදිලි කරයි

22 November 2018
in දේශීය

2019 වසරේදී ඇරඹෙන මුදල් වසර තුළ ශ්‍රී ලංකා රජයට එහි ණය සේවාකරණය කිරීමට නොහැකිවනු ඇති බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පසුගිය දිනවල වාර්තා කර ඇති බවත් නමුත් 2019 වසරේදී කල්පිරෙන ඇ.ඩො 1500. ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය ඇතුළත්ව සියලු ණය ගෙවීම් සඳහා ප්‍රමාණවත් මුදල් සංචිතයක් රැස්කර පවත්වාගෙන යාමට මෙම අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යංශය පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය කියා සිටියේ “ ශ්‍රී ලංකා රජය, 1937 අංක 07 දරන ශ්‍රී ලංකා ලියාපදිංචි ස්ඛන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත, 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත සහ 1957 අංක 29 දරන විදේශ ණය පනත ඇතුළු විශේෂ පනත් හි ප්‍රතිපාදනයන් අනුව ණය ලබාගෙන ඇත. ඒ අනුව, අදාළ නියමයන් සහ කොන්දේශි යටතේ එලෙස ලබාගෙන ඇති ණය සඳහා වන ණයසේවාකරණයට අදාළ ගෙවීම්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මතු දක්වන ලද සුවිශේෂී නීති යටතේ දක්වා ඇති පරිදී ඒකාබද්ධ අරමුදලෙන් නීත්‍යනුකූල ලෙස සිදුකල හැක.

එසේ හෙයින් අදාළ අණපනත්වල ප්‍රතිපාදන සලස්වා ඇති පරිදි 2019 මුදල් වසර තුළ සිදුකළ යුතු ණය සේවාකරණයන්, ණය ලබාගැනීමේදී එකඟවන ලද අදාල කොන්දේසි ද සපුරාලමින් සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකාව ණය සේවාකරණය සම්බන්දයෙන් නොකැළල් ඉතිහාසයක් තිබෙන රටක් ලෙස හා එම බැඳීම් අඛණ්ඩව පවත්වාගෙන ඇති ආකාරයට සියලු ආයතනව්ලින් ලබාගෙන ඇති ණය නිසි පරිදි ගෙවන බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය අවධාරනය කරයි
ශ්‍රී ලංකා ජනරජය සියලුම ණය දීමනාකරුවන් වෙත මින්පෙර නියමිත දිනට පැහැර නොහැර සිදුකරන ණයගෙවීම් සිදුකරනු ලැබුවා සේම ඉදිරියටත් එකී ගෙවීම් නියමිත දිනට සිදුකරනු ලබන බවට අවධාරණය කරයි.ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම් සම්බන්ධව මෙතෙක් පවත්වාගෙන ආ නොකැළල් වාර්තාව මේ අනුව ඉදිරියටත් පවත්වාගෙන යනු ඇත.

තවද, 2019 වසරේදී කල්පිරෙන ඇ.ඩො 1500. ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය ඇතුළත්ව සියලු ණය ගෙවීම් සඳහා ප්‍රමාණවත් මුදල් සංචිතයක් රැස්කර පවත්වාගෙන යාමට මෙම අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටියි

Post Views: 9
Previous Post

තේරීම් කාරක සභාවට ඇතුලත් නම් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කෙරේ

Next Post

අධිකරණයේ විභාග වන නඩු කතා කළ යුත්තේ කරුණු දැනගෙනයි – එජාප නායකයාගෙන් අවවාදයක්

editor

editor

Next Post

අධිකරණයේ විභාග වන නඩු කතා කළ යුත්තේ කරුණු දැනගෙනයි - එජාප නායකයාගෙන් අවවාදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved