27 April 2024
#දේශීය

තේරීම් කාරක සභාවට ඇතුලත් නම් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කෙරේ

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්‍ෂයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය එස් බී දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද සමරසිංහ, අමාත්‍ය විමල් වීරවංශ, තිලංග සුමතිපාල සහ අමාත්‍ය උදය ගම්මන්පිල යන 7 දෙනෙකුගේ නම් ඊට ඇතුළත් වේ. එම නියෝජිතයන්ගේ ලේඛණය සභා නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණෙන් විජිත හේරත්. නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරුන්ගේද නම් ඇතුලත් කර ඇත.

මෙම තේරීම් කාරක සභාව සඳහා පත් කිරීමට නියමිත සම්පූර්ණ නියෝජිතයන් ගණන 12 කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *