27 April 2024
#දේශීය

අධිකරණයේ විභාග වන නඩු කතා කළ යුත්තේ කරුණු දැනගෙනයි – එජාප නායකයාගෙන් අවවාදයක්

ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ සියලූම මන්ත්‍රීවරුන්ට අද (22) අවධාරණය කර ඇත.

පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කර තිබේ.

විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුවත් බවින් යුතුව අදහස් දැක්වීම සිදු කළ යුතු බවද, විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව ද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ මන්ත්‍රීවරුන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *