• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තමන්ගේ මෙන්ම අන් අයගේද භාෂාවන්ට ගෞරව කරන්න – ජනපති

1 July 2019
in දේශීය

රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැංවීමට අවශ්‍ය ප්‍රධාන සාධකය භාෂා දැනුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය භාෂා දින උත්සවය අමතමිනි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් අද සිට ජූලි 05 වනදා දක්වා ක්‍රියාත්මක අතර එහි සමාරම්භක අවස්ථාව මෙහිදී සනිටුහන් කෙරිණි. ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය වැඩසටහන මෙහෙයවයි.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ අද සියලු දෙනා අතර සංවාදයට ලක්ව තිබෙන සංහිඳියාව යථාර්ථයක් කර ගැනීමට නම් එම වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බවයි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කෙරෙහි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නිසි අවධානයක් තවමත් යොමු නොවීම හේතුවෙන් මතුව ඇති තත්ත්වය ද මෙහි දී පැහැදිලි කළ ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ගේ භාෂාවට ගෞරවයක් ලබා දෙනවා සේ ම අනෙක් භාෂා පිළිබඳව ද සියලුදෙනා දැනුවත්වී සිටීම ඉතා වැදගත් බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ජීවත්වන ජනතාව අතර බිය සැක සහ අවිශ්වාසය ගොඩනැගී ඇත්තේ එකිනෙකා හඳුනා නොගැනීමෙන් බවයි. එබැවින් සියලු ජනතාව සතුටින් ජීවත්වන සාමකාමි සහ නිදහස් රටක් ගොඩනැගීමට දරුවන් සහ පොදු ජනතාව අතර භාෂා දැනුම ප්‍රවර්ධනයට විශේෂ අවධානයක් යොමු විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් දායකත්වය ලබාදෙන භාෂා විගණන වාර්තාව ඉදිරිපත් කිරීම සහ ත්‍රෛභාෂාවට පරිවර්තනය වූ පෝරම් වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු විය.

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්. මහානාම, කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් යන මහත්ම මහත්මීන් ද කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය එන්. සෙල්වකුමාරන් යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් සහ විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 12
Previous Post

පොලිසියටත් ආත්ම ගෞරවක් ඇති බව බලවතුන් මතක තබා ගත යුතුයි – කථානායක

Next Post

CID පෙනි සිටින්න සිටි පුජිත ලෙඩ වෙයි

editor

editor

Next Post

CID පෙනි සිටින්න සිටි පුජිත ලෙඩ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved