• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය මර්ධනය කරන බව ජනපති පවසයි

3 May 2019
in දේශීය

ත්‍රස්තවාදය පරාජය කිරීම ස්ථීර වශයෙන්ම සිදුකරනවා සේම කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයත්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරය, අවි ජාවාරම, පතාලය එකම ජාලයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ රටට එරෙහි මෙම සියලු අභියෝග පරාජය කළ යුතු බවයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ත්‍රස්ත ක්‍රියාවට මුහුණදීමට සිදුවූයේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින අවස්ථාවක බවයි.

අප්‍රේල් 21 වනදා ඛේදවාචකය නොවන්නට මත්ද්‍රව්‍ය විරෝධි වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක ප්‍රතිඵල රැසක් පෙන්වා අවසන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර විධිමත් සහ ප්‍රායෝගික සැලැසුම් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බාලවයස්කාර තරුණයන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතළ අපරාධකරුවන් සමඟ එකට රඳවා තැබීම සිදු නොකළ යුතු බවයි.

එසේ සිටීමෙන් ඔවුන් ද බරපතළ අපරාධ සඳහා පෙලඹිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම තරුණයන් වෙනම පුනරුත්ථාපනය කිරීමේ වැදගත්කමත්, එහි දී ඔවුන්ගේ වයස් මට්ටමි, වරදේ ස්වභාවය, පුනරුථාපනය කෙරෙන කලවකවානු ආදි කරුණු සැලකිල්ලට ගැනීමේ වැදගත්කමත් පැහැදිළි කළේය.

පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ ද, ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

ISIS ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන බව අගමැති කියයි

Next Post

මොන තත්ත්වයක් යටතේ වුවත්, විදුලිය අඛණ්ඩව දෙනවා – ඇමැති රවි කියයි

editor

editor

Next Post

මොන තත්ත්වයක් යටතේ වුවත්, විදුලිය අඛණ්ඩව දෙනවා - ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved