27 April 2024
#සංවර්ධන

මොන තත්ත්වයක් යටතේ වුවත්, විදුලිය අඛණ්ඩව දෙනවා – ඇමැති රවි කියයි

යම්යම් අය කුමන්ත්‍රණශීලීව කටයුතු කරනවා අපගේ කටයුතු කඩාකප්පල් කරන්න නමුත් අපි ආණ්ඩුවක් වශයෙන් ලංවිම අදාළ අංශයන්ට උපදෙස් දීලා තියෙන්නේ මේ කාර්යය නිසි පරිදි ඉටු කරන්න යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසකගේ සුවදුක් විමසීම සදහා අද (03) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “පසුගියදා ඇතිවු කෲර බෝම්බ පිපිරීමේ තුවාල ලැබූ පිරිසගේ සුවදුක් මෙන්ම රෝහලෙන් සිදුවන සේවය පිළිබදව අහන්නයි අද පැමිණියේ. ඒ හදිසි අවස්ථාවේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ගොඩාක් සතුටුයි. අපේ අසරණ අහිංසක ජනතාව යාඥා කරන අවස්ථාවේ සිදුකළ ඒ කුරිරු ක්‍රියාව සම්බන්ධයෙන් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. රටේ වර්තමාන තත්ත්වය පාලනය කිරීමට අපි අපේ ආරක්ෂක හමුදාවන්ට බාරදීලා තිබෙන්නේ. ඒ අය හැකි උපරිමයෙන් රටේ පවතින යතා තත්ත්වය පිළිබදව කරුණු සොයාගෙන, විමිසිල්ලෙන් සියල්ල සිදු කරනවා. සමහර ක්‍රමවේදයන් අංගසම්පූර්ණ නැති වෙන්න පුළුවන්. නමුත් සිදුවී ඇති හානිය අවම කරමින් හැකි ඉක්මණින් යතා තත්ත්වයට පත්කිරීම තමයි ඔවුන්ගේ එකම අභිලාශය. ඒක තමයි ආණ්ඩුවේ තිබෙන අරමුණ. නැතිවූ ජීවිතවල වටිනාකම මුදල් වලින් මිල කරන්න බැහැ. නමුත් නැතිවූ ජීවිත නැවතත් පට ලබාගත නොහැකි නිසා, අපගේ කණාටුව ප්‍රකාශ කිරීමක් වශයෙන් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් ලක්ෂ 10ක් සහ රෝගී පුද්ගලයන් වෙනුවෙන් රෝගයේ බැරෑරුම්කම අනුව කොටස් 03 යටතේ වන්දි ලබාදීමට රජය තීරණය කර තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *