27 July 2024
#දේශීය

ත්‍රස්තවාදින් තිදෙනෙකු ත්‍රස්ත විමර්ශනය භාරයට

පාස්කු දින සිදු කළ ප්‍රහාරයට සම්බන්ධ සහාරාන් සමඟ සම්බන්ධතා පැවැත් වු ත්‍රස්තවාදී සැකකරුවන් තිදෙනෙකු විමර්ශන කටයුතු සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් බාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,රුවන් ගුණසේකර මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් අය පේරාදෙණියේ පදිංචි වයස අවුරුදු 29 ක් වු මොහොම්මදු මුක්තාර් ආසික් රසාක්, වයස අවුරුදු 41 ක් වු රස්නායකපුර, නිකපිටිය පදිංචි රාජ් ගෝපාල් මුදියන්සේලාගේ ස්මයිල් මොහොම්මදු නසීර් යන අය සහ වයස අවුරුදු 21 ක් වු බදුරියා මාවත, සිල්මියා පුර, වැලිමඩ ලිපිනයේ පදිංචි සාහුල් හමීඩ් හිස්බුල්ලා යන අයයි.

මෙම පිරිස් සහරාන් සමඟ මහනුවර අරුප්පල ප්‍රදේශයේ දී පුහුණු කඳවුරේ දී පුහුණු වීම් ලබා ඇති බව ද අනාවරණය වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *