• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රිවිධ හමුදාවේ සලාක හා අනෙකුත් දීමනා වැඩි කෙරේ

23 May 2019
in සංවර්ධන

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැයෙන් යෝජිත පරිදි ත්‍රිවිධ හමුදාවේ සියළු නිලයන් සඳහා ගෙවනු ලබන දෛනික යහපැවැත්ම දීමනාව සහ නිල ඇඳුම් දීමනාව ද 2019 ජූලි 01 දින සිට වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතුළත් අංක 02/2019 චක්‍රලේඛය 2019 මැයි මස 21 වන දින නිකුත් කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.

ත්‍රිවිධ හමුදාවේ සියළු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කෙරේ. මෙම දීමනාවල බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් කර නොමැති බව මුදල් අමාත්‍යංශය පැවසිය. .

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලයන් වෙත ගෙවනු ලබන දීමනා වැඩිකරන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය 2019 යෝජනාවේදී පොරොන්දු වු අතර ත්‍රිවිධ හමුදා අයවලුන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව 2019 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි රු. 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රු. 19,350 දක්වාද වැඩිකර ඇත.

මෙම සලාකයට ඇතුළත් ආහාර ද්‍රව්‍ය ලේඛණය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමෙන් පසුව කරන ලද ගණනය කිරීමෙන් අනතුරුව මෙම දීමනා වැඩිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය පසුගිය සතියේදී ලබාදෙන ලදී.

මේ අතර ත්‍රිවිධ හමුදාවට ගෙවනු ලබන පහත සඳහන් දීමනා 2019 ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරනු ලැබේ. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරේ. තවද, ශ්‍රී ලංකා නාවුක හා ගුවන් හමුදාවල සමාන නිලධාරීන්ද ඇතුළත් කොමාන්ඩෝ දීමනාව මසකට රු. 1000 සිට රු. 5000 දක්වා වැඩිකරනු ලැබේ.

 

Post Views: 61
Previous Post

ගෝඨාභයගේ නඩුව ජුනි 19 දින ආරම්භ වෙයි

Next Post

මෝදීට විශිෂ්ඨ ජයක්

editor

editor

Next Post

මෝදීට විශිෂ්ඨ ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved