• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක් …… අමාත්‍ය අර්ජුන !

21 January 2019
in ව්‍යාපාර

ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනමම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාගම නගරය ත්‍රීවිල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට අද (21) උදෑසන එක් වෙමිනි. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ මෙහෙය වීමෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

ත්‍රීරෝද රථ නියාමන කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන පළමු වරට ආරම්භ කෙරුණේ කොළඹ දිස්ත්‍රික්කයේයි. රාගමදී අද පැවැත්වුණේ එහි දෙවැනි වැඩසටහනයි. ඒ යටතේ රාගම නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වාදීම, වසර 25කට වැඩි කාලයක් අඛණ්ඩ සේවාවක නිරත වූ ත්‍රීරෝද රථ රියදුරන් ඇගයීමට ලක් කිරිම, රාගම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨතම ත්‍රීරෝද රථ රියදුරු ඇගයිමද අද සිදු විය. එම වැඩසටහනේ විශේෂත්වය වූයේ සංචාරක ත්‍රීරෝද රථ රියදුරන් 50දෙනෙකුට අවසර පත් ලබා දීමයි. ඔවුන්ට නිල ඇඳුම් ප්‍රදානයද අද සිදු කෙරිණ.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කි‍යා සිටියේ ත්‍රීරෝද රථ නියාමනය යනු එම කර්මාන්තය අපහසුතාවයට පත් කිරමින් නීති පැනවීම නොවන බවයි.

අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේ “ත්‍රිරෝද රථ නියාමනය ත්‍රිරෝද රථ සංගම් බොහෝ කාලයක සිට කරන ඉල්ලීමක්. මේ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නම් එය අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු බව මමත් විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන ආකල්පය වෙනස් කළ යුතුයි. අපි දන්නවා අපිට ඉන්නේ ත්‍රීරෝද රියදුරු මහත්වරුන්. නමුත් අපි කවුරුවත් ඔවුන්ට මහත්තයා කියලා කථා කරන්නේ නැහැ. එක්කෝ ඩ්‍රයිවර් කියනවා. නැතිනම් රියදුරා කියනවා. මෙවැනි තත්ත්වයකට අද සමාජය ගිහින් තියෙන්නේ ඉතාම අතොලොස්සක් වූ ත්‍රීරෝද රථ රියදුරන් කරන වැරදි නිසා. කර්මාන්තය කඩා නොපවතින්නට නම් මේ වැරදි ඉක්මනින්ම අපි හදා ගත යුතුයි. ඒ නිසා තමයි මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව ඉදිරියේදී අධිකාරියක් කිරිමට මම අපේක්ෂා කරන්නේ. ඒ සඳහා අවශ්‍ය නීතිමය කෙටුම්පත් බොහෝ දුරට හදලා අවසන්. තව මාසයක් දෙකක් ඇතුලත මම මේ සභාව අධිකාරියක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු අවසන් කරනවා….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් මෙහිදි කියා සිටියේය.

ත්‍රීරෝද රථ නියාමන කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ගොඩ නගමු මඟ සුරකින සමාජයක් යන තේමාව යටතේ වේ. ත්‍රීරෝද රථ රියදුරන්ගේ ජීවන තත්ත්වය ඉහළ ගෙන ඒමත් ගුණාත්මක සේවාවක් ඇති කිරීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණයි. රාගම වැඩසටහනට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ඇතලුව සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

 

Post Views: 5
Previous Post

අලි මිනිස් ගැටුමේ තවත් පැතිකඩක් (විඩියෝ සහිතයි )

Next Post

“Earth Watchmen” ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් කිලිනොච්චියෙන් ඇරඹෙයි

editor

editor

Next Post

"Earth Watchmen" ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් කිලිනොච්චියෙන් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved