27 April 2024
#සංවර්ධන

අලි මිනිස් ගැටුමේ තවත් පැතිකඩක් (විඩියෝ සහිතයි )

වසරකට අලි මරණ 350 ක් දක්වා ඉහළ යන බවත් මේ ආකාරයෙන් අලින් මිය ගියහොත් සිදුවන්නේ ඉදිරියෙදී අලි කෞතුකාගාර ඉදිකිරිම බව දුම්රිය සුරැකිමේ සංවිධනයේ කැඳවුම්කරු රුවන් පතිරගේ මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ අලි ගහණය 5000 ක ආසන්න පිරිසක් බවයි. 2018 වසරේ අලි මරණ 307 ක් වාර්තා වී ඇති බව වනජිවි අමාත්‍යංශය සඳහන් කර ඇති බව හෙතෙම පැවසිය.

අලින් දුම්රිය ගැටීමෙන් සිදුවන මරණ සම්බන්ධයෙන් මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් එය යම් ආකාරයේ අලින්ගේ ගමන් මාර්ගය පිලිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමක් සිදු කල යුතු බව පතිරගේ මහතා පැවසිය.

අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන මරණ හා එය අවම කිරීමට රටට වශයෙන් අපට ගත හැකි ක්‍රියාමාර්ග. TTVnews.lk වෙබ් අඩවිය විසින් මේ සංවේදි ප්‍රශ්ණය ගැන විවෘත සංවාදයක් ගොඩනැගීමට සුදානම්.

මේ එහි පලමු පියවරයි

එම විඩියෝව මෙතනින් 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *