• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තිරිගු පිටි හා මාගරින් මිල අඩු කළොත් පාන් ගෙඩියක් රු. 100ට දෙනවා

5 November 2024
in දේශීය
තිරිගු පිටි හා මාගරින් මිල අඩු කළොත් පාන් ගෙඩියක් රු. 100ට දෙනවා

එළඹෙන උත්සව සමයට පෙර රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ ආනයනික මාගරින් මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 100කට හා කේක් කිලෝවක් රුපියල් 800ත් 900ත් අතර මිල අඩු කිරීමක් සිදුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදනයන්හි මිලද පාරිභෝගික ජනතාවට විශාල සහනයක් ගෙන දෙන අයුරින් අඩු කළ හැකි බවද ඒ මහතා කීවේය. මෙම මිල අඩු කිරීමට නම් අනිවාර්යයෙන්ම රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙක මගින් රුපියල් 195කට අලෙවි කරන තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150කටත්, රුපියල් 1000ක්ව පවතින ආනයනික මාගරින් කිලෝවක් රුපියල් 700ත් 800ත් අතර මිල අඩු කිරීමක් සිදු කළ යුතු බවද සභාපතිවරයා පැවසීය.

එසේම මේ වන විට තිරිඟු පිටි කිලෝවක් වෙනුවෙන් පනවා ඇති රුපියල් 45ක හා මාගරින් කිලෝවක් වෙනුවෙන් පනවා ඇති රුපියල් 600ක බද්ධ අඩු කිරීම තුළින් තිරිඟු පිටි මිල හා මාගරින් මිල අඩු කළ හැකි බව පෙන්වා දෙන සභාපතිවරයා, එසේ බදු අඩු කිරීම තුළින් රජයට කිසිදු පාඩුවක් සිදුනොවන බවද කීවේය.

එම නිසා එළඹෙන නත්තල් සහ අලුත් අවුරුද්දට පෙර පාන්, කේක් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩුකර පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දිය හැකි බවත්, ඒ සඳහා රජය කඩිනමින් තිරිඟු පිටි මිල සහ මාගරින් මිල අඩු කිරීමට පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය

Post Views: 76
Previous Post

මිල්කෝ ආයතනයේ වැඩිම ආදායම ඉපයීමට හේතුව මෙන්න

Next Post

ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි

Editor TTV News

Editor TTV News

Next Post
ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි

ආසියාවේ හොදම නිරූපන ශිල්පිනිය ලංකාවේ ජූලියා සොනාලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved