• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දඩබිමක්ව තියෙන රට වැඩ බිමක් කරන බව විපක්ෂනායක කියයි

6 September 2019
in දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ අනාගතයේ බිහිවෙන අපගේ රජයේ ඒකායන අරමුණ වන්නේ ජනතාවට යුක්තිය ඉටු කිරීම බවත්, පළිගැනීම් පසෙකලා, සැබෑ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරිම හරහා දඩබිමක්ව තිබෙන රට නැවත වැඩබිමක් කළ හැකි බවට තමා විශ්වාස කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (06) බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පැවැති යුක්තියට හඩක් සංවිධානයේ පළමු සම්මේලනය අමතමිනි. සැමට යුක්තිය ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙවන් සංවිධානයක් බිහිවීම අගය කරන බවද මෙහිදී රාජපක්ෂ මහතා පැවසීය.

අසාධාරණ ලෙස යහපාලන රජයේ පළිගැනීම්වලට ලක්වූ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සදහා වූ යුක්තියේ සම්මුතිය සදහා මහජන අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයද අද ඇරඹි අතර ඒ සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පළමුව අත්සන් තැබීය.

වැඩබිමක්ව තිබුණු රට යහපාලන ආණ්ඩුව දඩබිමක් බවට පත්කළ බවත් රාජපක්ෂ පවුලට සම්බන්ධ අයටත්, රාජපක්ෂ පවුලේ මිත‍්‍රයින්ටත්, රජයේ සේවකයින්ටත්, උදව් කළ ව්‍යාපාරිකයින්ටත් ඒ දඩයමේ ගොදුරු බවට පත්වන්නට සිදුවූ බවද එහිදි විපක්ෂ නායකවරයා අවධාරණය කලේය.

මෙම අවස්ථාව සදහා හිටපු කතානායක චමල් රාජපපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා, බැසිල් රාජපක්ෂ මහතා, මහාචාර්ය ජී. එල් පීරිස් මහතා, හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා, සහ දේශපාලන පළිගැනිම්වලට ලක්වූවන් ඇතුලූ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

Post Views: 11
Previous Post

ලංකා සීනි සමාගමේ 21 කුට පත් වීම් ලබා දෙයි

Next Post

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ පත් කෙරේ

editor

editor

Next Post

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved