• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දළඳා විදියේ නයිට් බසාර් වහාම අත්හිටුවයි – ඇමැති කිරිඇල්ල

9 March 2019
in දේශීය

ශ්‍රී දළඳා වහන්සේ වැඩවසන කන්ද උඩරට මහනුවර නගරයේ සංස්කෘතික උරුමයන් රැක දීම‍‍ට මුල්තැන දෙමින් දළඳා වීදියේ පැවැත් වූ නයිට් බසාර් (රාත්‍රී කඩ) වහාම අත්හිටුවීමට නියෝග කළ බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමයන් හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලි‍මේන්තු‍වේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මහනුවර පසුගියදා ඇති කළ රථවාහන සැලසුමේ වෙනස නිසා නගරය කණපිට හැරි ඇති බවත් ඒ තුළින් සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමට හානි සිදුව ඇති බව අවධානය යොමු කරමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ බෞද්ධ සංස්කෘතිය නොදැන නයිට් බසාර් පවත්වමින් දළඳා වීදියේ මස් පුලුස්සා කෑමට පිරිසක් කටයුතු කර ඇති බවත් එම ක්‍රියාවට වැට බඳිමින් රාත්‍රී වෙ‍ළෙඳ කඩ වහාම අත්හි‍ටුවීමට නගරාධිපතිවරයාට ඊයේ (08) උපදෙස් ලබාදුන් බවයි.

මහනුවර නගර සැලසුම් කටයුතු හා නගරයේ ප්‍රවාහන කටයුතු නගර සභාවට අයත් වුවත් දින දෙකක් අත්හදා බැලූ ප්‍රවාහන සැලැස්ම හා නයිට් බසාර් නැවැත්වීමට දන්වා සිටි බවත් ඇමැතිවරයා සඳහන් ක‍ළේය.

ඒ පිළිබඳ බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම මහතා ද අදහස් දක්වමින් කියා සිටියේය “ වන්දනීය, පූජනීය නගරයේ හිතුවක්කාරී වැඩ කරන්න ‍දෙන්න බැහැ. දේශපාලනය කුමක් වුවත් ඒවා අනුමත කරන්න බැහැ. අපි දන්නවා මේ උතුම් දළදා වහන්සේ උසස් සේ නො‍සලකා‍ කාර් රේස් පැවැත් වූ යුගයක් තිබුණා. නගර සභාවට අයත් කාර්යයන් කියා හැම දේකටම ඉඩ දෙන්න බැහැ. රජය මැදිහත්වී මෙවැනි කටයුතු වැළැක්වීමට කටයුතු කළ යුතුයි.

 

Post Views: 21
Previous Post

මත්ද්‍රව්‍ය මැඩලන්න අප්‍රේල් 03 පසු ත්‍රිවිධ හමුදාවේ දෑත් තවත් ශක්තිමත් කරනවා – ජනපති

Next Post

“තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා” උපහාර උළෙලට ජනපති ජනපති එක් වෙයි

editor

editor

Next Post

"තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා" උපහාර උළෙලට ජනපති ජනපති එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved