• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දානපතීන් හා එක්ව පැල්පත්වාසීන්ට ඇමති අශෝක් ගෙවල් හදයි

21 January 2019
in වෙනත්

ස්වකීය ධන පරිත්‍යාගයන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් අඩු ආදායම්ලාභී පැල්පත්වාසීන් සදහා නිවාස තනා දීමේ ව්‍යාපෘතියක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විසින් මේ දිනවල කුරුණෑගල ආසනය පුරා ක්‍රියාත්මක කරමින් පවතී.

එම ව්‍යාපෘතිය මගින් ඉදිකිරීම් අවසන් කරන ලද තුන්වන (3) නිවාසය ගෙහිමියන්ට ලබා දීම ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සව අවස්ථාවක් හමුවේ සිදුවිය. රුපියල් මිලියනයක් පමණ වටිනා මෙම නිවාස ජීවත්වීම සදහා අවශ්‍ය සියලුම අංගෝපාංග වලින් සමන්විතව ඉදිකර තිබීම විශේෂත්වයකි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” අද මට හරිම සතුටු දවසක්. ඇත්තටම මේක කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණ අරමුණක්. හැබැයි මේ වැඩ පිළිවෙල ඉක්මනින්ම ක්‍රියාවට නැංවිය යුතුයි කියල තීරණය උනේ එක සිද්ධියක් එක්ක. දවසක් මම මල ගෙදරක ගියා. ඒ ලඟ ගෙදරක කාන්තාවක් අවුරුද්දක විතර වයස දරුවෙක් වඩාගෙන ඉටිකොල වලින් වටකරපු නිවසක් ඉදිරියේ සිටියා. මට නිකමට වගේ හිතුන මේ අයගේ නිවස මේක වෙන්න ඇති කියල. ඒ හින්දම මම ඇහුව මේ ගේ කාගෙද කියල. මම හිතුව දේ හරි. පස්සෙ මම ගේ ඇතුලට ගිහින් බැලුව. අර වයසෙම තවත් දරුවෙක් නිදි. ඒ ඇද පාමුල ලිප හදල තිබුණා. බිත්ති වලට ඉටිකොල ගහල තිබ්බෙ බාගෙට. දරුවා නිදාගෙන හිටපු ඇද වැස්සට, පින්නට තෙමෙන එක අනිවාර්යයි. ඒ වෙලාවෙම මම හිතා ගත්ත මේ ගේ හදනව කියල. මම මගේ පෞද්ගලික මුදලින් ඒ ගේ හැදුව. ඒ වගේම ආසනේ පුරාම මෙහෙම තියෙන ගෙවල් හදන්න වැඩ පිළවෙලක් හදන්නත් හිතා ගත්තා. ඒ සිතුවිල්ලෙ තුන්වෙනි ප්‍රතිපලය තමයි මේ. මගේ මිතුරන්, දානපතියන් හා ඥාතීන් දැන් නිවාස එක දෙක අරන් හදාගෙන යනව. මේ ගේ හැදුවෙත් මගේ මල්ලී පුෂ්පානන්ද මහත්මයා. ඇත්තටම මම ඔවුන්ට මගේ ආචාරය මේ වෙලාවේ පුද කරනව. මේ සදහා මගේ බිරිද විශාකා අබේසිංහ මහත්මිය හා චකිල අබේසිංහ මහතා දක්වන දායකත්වය හා කැපවීම මට මහා ශක්තියක්.
මේ ව්‍යාපෘතියට මම ජාති ආගම් භේද හෝ දේශපාලන භේද සලකන්නේ නෑ. අසරණ වූ අයට පිහිට වෙනකොට ඒ දේවල් බලන්න හොද නෑ. මෙහි පලමු අදියර යටතේ නිවාස 105 ක් තෝරාගෙන තියෙනවා. දැනට නිවාස 15ක ඉදිකිරීම් කටයුතු සිදුවෙනවා. දෙවන අදියර යටතේ නිවාස සෑදීම වගේම කපරාරු කිරීමට ඇති නිවාස සදහා ආධාර ලබා දීමට වැඩ පිළිවෙලකුත්, තුන්වෙනි අදියර යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනෙකුත් සෑම ආසනයකම නිවාස 5 හෝ 10 බැගින් සෑදීමටත් සැලසුම් සකස් කරල තියෙනවා. මේ දේවල් මට කරන්න පුලුවන්. මම අනිවාර්යෙන්ම කරනවා. අරමුණ හොද නම් ඒ සදහා ආධාර හා ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා. කුරුණෑගල නාගරික පැල්පත්වාසීන්ට මහල් නිවාස යෝජනා ක්‍රමයක් පිළිබද සැලසුම් සකස් කර තිබෙනවා. ජීවත්වෙන මේ කෙටි කාලය තුල අපි එකිනෙකාට උදව් කරගන්න අවශ්‍යයයි. අපි මේ ලෝකෙට එන්නෙ හිස් අතින් වගේම යන්නෙත් හිස් අතින්. අරන් යනවනම් අරන් යන්නේ මෙවැනි ක්‍රියාවල ප්‍රතිපල විතරමයි” යනුවෙන් වැඩි දුරටත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

 

 

 

Post Views: 18
Previous Post

දුම්කොළ සමාගමේ නීති විරෝධී වැඩක් – ඇමැති රාජිත හෙළී කරයි

Next Post

හොර පාරේ රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා .. ! මනුෂ නානායක්කාර

editor

editor

Next Post

හොර පාරේ රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා .. ! මනුෂ නානායක්කාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved