• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට පියවර – කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන්

12 July 2019
in දේශීය

ඉදිරියේ දී දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට තමන් කටයුතු කරන බවත් දැනට පවතින මිල පිළිබද තමන් සැහීමකට පත් නොවන බවත් කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ පැවති කිරි ගොවීන් දැනුවත් කිරිමේ ප්‍රදර්ශනයකට එක්වෙමින්.

ලංකාවේ පලමුවරට කිරි ගොවි ගැටලු විසදීමේ ක්ෂණික දුරකථන ඇමතුම් සේවය 6162 “සවිය ” අද (12) අමාත්‍යවරයා විසින් ආරමිභකළේය. මෙමඟින් කිරි නිෂ්පාදනයේ දී කිරි ගොවියා මුහුණපාන ගැටලු සඳහා වන ක්ෂණික විසඳුම් සේවය “සවිය” අද දින ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් එය නිතැතින්ම කිරි ගොවියාට ශක්තියක් වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය..

තමා ඇමතිවරයාව සිටිය දී දෙවතාවක් කිරි මිල ඉහළ දැමු බවත් දැනට කිරි ලීටරයක් සදහා පවතින මිල වර්තමානයේ කිරි ගොවීන් මුහුණපාන ආර්ථික ගැටලු පදනම් කරගෙන විශේෂයෙන්ම කිරි එලදෙනුන් සදහා ලබා දෙන පෝෂ්‍යදායී සංඝටක සහ බෙහෙත් ද්‍රව්‍යවල මිලද පදනම් කරගෙන කිරි මිල ඉහළ දැමිය යුතු බව අමාත්‍යවරයා අනාවරණ කළේය. වර්තමාන කිරිපිටි මිලට ද සාපේක්ෂව දියර කිරි මිල ඉහල දමන බව හෙතෙම කියා සිටියේය. රුපියල් 50ක් ව තිබු කිරි ලීටරයක මිල 70 දක්වා අමාත්‍යවරයා විසින් ඉහල දමා ඇත.

විදේශීය කිරිපිටි ආනයනය වෙනුවෙන් වාර්ෂිකව මිලියන 40 000ක් වැය කරන බවත් දේශීය කිරි ගොවියා නඟා සිටුවීම මඟින් එම මුදල මෙරට තුළ ඉතිරි කරගත හැකි බවත් ඉදිරියේදී දියර කිරි ප්‍රචලිත කිරීමට තම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙහි දී පැවැසීය .මේ වෙනුවෙන් නවීන තාක්ෂණය ගොවියා වෙත හඳුන්වා දීමේ වැඩසටහන් නොකඩවා ක්‍රියාත්මක කළ යුතුව ඇති බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට USDA ව්‍යාපෘති අධ්‍යක්ෂ රිඩී එස්ලමන් මහතා,MOD ව්‍යාපෘති අධ්‍යක්ෂ මැතිව් ක්‍රවුස් මහතා සහ සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියපාල මහතා ඇතුළු නිළධාරීන් මෙන්ම ගොවීන් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ.

 

Post Views: 16
Previous Post

ආණ්ඩුවේ ගමනට බාධාවක් වෙන්න ඉඩ දෙන්නේ නෑ – අගමැති

Next Post

උතුරු – නැගෙනහිර දේශපාලනය හා දමිළ ඩයස්පෝරාවේ දෙදරීම…

editor

editor

Next Post

උතුරු - නැගෙනහිර දේශපාලනය හා දමිළ ඩයස්පෝරාවේ දෙදරීම...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved