• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරීමට බදු සංශෝධනය කරනවා – ඇමැතිනි පවිත්‍රා

12 December 2019
in සංවර්ධන

දුම්කොළ හා මධ්‍යසාර භාවිතය තරුණයින් අතර අවම කිරිම සදහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ පසුගිය 10 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඕමානයේ මස්කට් නගරයේ පැවැත් වූ බෝනොවන රෝග සහ මානසික සෞඛ්‍ය පිළිබදව සැසිවාරයේ දීය.

මෙම සැසිවාරය 09 වනදා සිට 12 වනදා දක්වා ඕමානයේ මස්කට් නගරයේ පැවැත් වේ. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් සිදු කරන ලදි.

සැසිවාරය අමතමින් අදහස් දැක් වූ අමාත්‍යවරිය  “අද අප සියලු ‍දෙනාටම‍ වැදගත්වන කරුණක් පිළිබදව කථා කිරීමට ලැබීම ගැන සතුටු ‍වනවා. ශ්‍රී ලංකා රජය ‍බෝනොවන රෝග පාලනය කිරිමට කටයුතු කිරිම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කර්තව්‍යයක් ලෙස සළකනවා. අද පවතින ජීවන රටාව සමග ‍බෝ නොවන රෝග තුරන් කිරීම හා පාලනය කිරීම ඉතාම අසීරු කරුණක් බවට පත් වී තිබෙනවා. ‍මෙම රෝග පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සෑම පුරවැසියෙකුගේම, රජයේ සහ ‍පෞද්ගලික අයතනයකම යුතුකමක් සහ වගකීමක් වෙනවා. ‍අප හමුවේ ඇති මෙම අභියෝගය නිසාම 2016 වසරේ සිට 2020 ‍වසර දක්වා බෝනොවන රෝග තුරන් කිරීම සදහා අප අමාත්‍යාංශය විසින් ක්‍රියාකාරි සැළැස්මක් නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම දුම්කොළ හා මත් ද්‍රව්‍ය භාවිතය රටෙහි සංවර්ධනයට ඉතාමත් අයහපත් බලපෑමක් ඇති කරන බව ශ්‍රී ලංකා රජය වශ‍ෙන් අප පිළින්නවා. ජාතික දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය (NATA) පිහිටුවමින් ‍මෙම දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිත‍ෙන් අතිවන අහිතකර බලපෑම් සහ භාවිතය පාලනය සදහා කටයුතු කරමින් පවතිනවා. දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් ‍තොර රටක් බවට පත්කිරිමට අග්නිදිග ආසියාවේ කටයුතු කළ ප්‍රථම රට වශයෙන් ද ශ්‍රී ලංකාව හැදින්වෙනවා. 2016 ‍පෙබරවාරි මාසයේ අප විසින් එ් සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ රාමුව (WHO FCTC) ගිවිසුම අත්සන් කිරීමට පියවර ගත්තා. විද්‍යාත්මක සාධක පදනම් කර ගනිමින් සෘජු හා වක්‍ර දුම්කොළ හා මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය, එම අයතනවල අනුග්‍රහයන් ලබාගැනීම සම්පුර්ණයෙන් නතර කළ ඉතා සුළු ප්‍රමාණයක් වූ රටවල් අතර, එක් රටක් වන්නේ ද ශ්‍රී ලංකාවයි. දුම්බීම ඇතුලු මත් ද්‍රව්‍ය භාවිතය සදහා අවම වයස අවුරුදු 21 දක්වා ඉහළ නැංවීම, පාසල් අවට මිටර් 100 ඇතුළත දුම්වැටි අලෙවිය තහනම් කිරීම වැනි සාධනීය පියවර රැසක් ද ශ්‍රී ලංකා රජය විසින් ‍ගෙන තිබෙනවා. දුම්කොළ වලින් තොර කළාප බිහි කිරීමට ජාතික දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය (NATA) හා සම්බන්ධව කටයුතු කොට තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ශ්‍රී ලංකාව අනෙක් රටවල් ද ‍මෙම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම පිළිබදව ‍පෙරමුණ ගත යුතු වනවා. ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය පාලනය සදහා ජාතික ප්‍රතිපත්තිය 2015 දී හදුන්වා ‍දෙන ලද අතර. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ‍සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයට අනුව දුම්කොළ භාවිතය නිසා ජාතික අර්ථිකයට රුපියල් බිලියන 200 ක් අහිමි වන බව වාර්තා වනවා. තරුණයින් ‍දුම්කොළ හා මධ්‍යසාර භාවිතය අවම කිරිම සදහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දුම්කොළ සහ මත්ද්‍රව්‍ය භාවිතය අඩුවීමේ ප්‍රවණතාවයක් දැනට තරුණ ප්‍රජාව තුල පවතිනවා. අනෙකුත් රටවල්වලට ද අප විසින් ක්‍රියාත්මක කරන ලද ලද ඉහත සදහන් සේවාවන් පිළිබදව නිරීක්ෂණ කරන‍ ‍ලෙසට ආරාධනා කරන අතර, අප ලබාගත් ජයග්‍රහණ පිළිබදව අප රටක් වශයෙන් සතුටු වනවා.” යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.

 

දිලිනි සමන්මලි 

Post Views: 20
Previous Post

උත්සවය සමයේ දී සහන මිලට සහල් ගන්න

Next Post

රන් පදක්කම් 40 ක් සමඟ මෙරටට පැමිණි ශුරයෝ (ඡායාරූප )

editor

editor

Next Post

රන් පදක්කම් 40 ක් සමඟ මෙරටට පැමිණි ශුරයෝ (ඡායාරූප )

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved