• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දොරේඅප්පාගේ මිණිබිරිය කැනඩාවේදී ඝාතනය කරලා !

යාපනයේ දී සිදු වූ දොරේඅප්පාගේ ඝාතනය එල් ටීටී ඊ සංවිධානය විසින් සිදු කෙරෙුණු පළමු දේශපාලන ඝාතනයයි.

12 March 2025
in දේශීය, පුවත්
දොරේඅප්පාගේ මිණිබිරිය කැනඩාවේදී ඝාතනය කරලා !

කැනඩාවේ මාර්කම් ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි යාපනයේ පදිංචි 20 හැවිරිදි තරුණියක පසුගිය 9 දා මියගොස් තිබෙනවා.

මෙසේ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ යාපනයේ හිටපු නගරාධිපතිවරයකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ මිණිබිරියකයි‍.

ඇය නමින් රගුදාස් නිලක්ෂි යි. මෙම නිවස කැනඩාවේ මාර්කම් නගරයේ කාසල්මෝර් මාවතේ පිහිටා තිබෙනවා. යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ සිට කැනඩාවට ගිය තරුණිය වසර දෙකක්ම ජීවත් වී ඇත්තේ එම නිවසේ.

එම නිවසට මීට පෙර අවස්ථා දෙකකදීම වෙඩි තැබීම් සිදුව ඇති අතර මෙවර වෙඩි තැබීමෙන් යාපනයේ පදිංචි තරුණිය සමග තවත් අයකු මියගොස් තවත් අයකුට තුවාල ලබා තිබෙනවා.

තුවක්කුකරුවන් විසින් නිවසේ ආරක්ෂාවට සිටි සුනඛයකු ද වෙඩි තබා මරා දමා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් පසුව ඊට සම්බන්ධ හතරදෙනකු නවීන පන්නයේ කැබ් රථයකින් පලා යන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියක සටහන් වී ඇති බව කැනේඩියානු පොලිසිය සඳහන් කර තිබෙනවා.

මේ දක්වාම කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කැනඩාවේ පොලීසිය මේ වන විටත් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.

ඇල්ෆඩ් දොරෝ අප්පා ගැන මේ සිද්ධිය හමුවේ නැවත කතා බස් වනවා. ඔහු මිය ගොස් ඇත්තේ 1975 ජුලි 27 වනදායි. යාපනය, පොන්නාලෙයි කෝවිලට ගොස් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගෙන සිය මෝටර් රථයෙන් ආපසු නිවෙස බලා ඒමට ගිය අවස්ථාවේදී එම කෝවිල ඉදිරිපිටදිම දොරේ අප්පා ඝාතනයට ලක් වුණා.

මෙය එල් ටීටී ඊ සංවිධානය විසින් සිදු කෙරෙුණු පළමු දේශපාලන ඝාතනය ලෙස හදුන්වනවා.

Post Views: 93
Previous Post

ප්‍රධාන ජලාශ 42ක් වාන් දමයි

Next Post

හිරුණිකා යුග දිවියට සමු දෙයි !

Editor TTV News

Editor TTV News

Next Post
හිරුණිකා යුග දිවියට සමු දෙයි !

හිරුණිකා යුග දිවියට සමු දෙයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved