• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

22 November 2019
in දේශීය
නව කැබිනට් මණ්ඩලය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

2019 ජනාධිපතිවරණ මැතිවරණයත් සමඟ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම අද දින සිදු කෙරිණි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදිය.

ඒ අනුව කැබිනට් මණ්ඩලය අද දිනයේදී දිවුරුම් දුන්නේ

අගමැති මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික කටයුතු, බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස අමාත්‍ය

නිමල් සිරිපාල මහතා – අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ

ආරුමුගම් තොණ්ඩමන් මහතා – ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන මහතා – විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය

ඩග්ල්ස් දේවානන්ද මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

පවිතා දේවි වන්නිආරච්චි මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සමජ ආරක්ෂන හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය

බන්දුල ගුණවර්ධන මහතා -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා

ජනක බන්ඩාර තෙන්නකොන් මහතා -රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා

චමල් රාජපක්ෂ මහතා – කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික කටයුතු, වාරිමාර්ග, ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා

ඩලස් අලහප්පෙරුම මහතා – අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා – මාර්ග හා මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු

විමල් වීරවංශ මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධණ, කර්මාන්ත හා සැපයුම් කලමණාකාරණ

මහින්ද අමරවීර මහතා – මගි ප්‍රවාහන කලමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය

එස්.එම්.චන්ද්‍රසේන මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන, පරිසර හා වනජිවි අමාත්‍යංශය

රමේෂ් පතිරණ මහතා -වැවිලි කර්මාන්ත, අපනයන කාෂිකර්ම

ප්‍රසන්න රණතුංග මහතා -කාර්මික අපනයන හා ආයෝජන ප‍්‍රවර්ධන

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

සිය පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ජනාධිපතිවරණය පරාජය වීමත් සමඟ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්වූයේ ජනපති හට නව රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලබාදීම උදෙසා ය.

 දිලිනි සමන්මලි 

 

Post Views: 16
Previous Post

තමන්ගේ යැයි සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වන ප්‍රකාශ අසත්‍යයි – ජනපති

Next Post

මෙය අන්තර්කාලීන ආණ්ඩුවක් – ජනපති කියයි

editor

editor

Next Post

මෙය අන්තර්කාලීන ආණ්ඩුවක් - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved